කණිෂ්ඨ වසරවල උගන්වන ගුරුවරියක් වන කේරන් තම සිසුන්ට එකිනෙකාව වඩා හොඳින් තේරුම් ගත හැකි ආකාරය ඉගැන්වීමට ක්‍රියාකාරකමක් නිර්මාණය කළේය. මෙම “ගමන් මළු ක්‍රියාකාරකමේදී” සිසුන් විසින් ඔසවා ගෙන යන චිත්තවේගී බර කිහිපයක් ලියා තිබුණි. මෙම සටහන් නිර්ණාමිකව බෙදා දුන් අතර බොහෝ විට ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් කඳුළු සලන ප්‍රතිචාර ලැබුණි. එතැන් පටන් පංති කාමරය තුළ යෞවනයන් අතර ගැඹුරු අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති වුණි. ඔවුහු දැන් එකිනෙකා කෙරෙහි දැඩි සංවේදීතාවයකින් යුක්ත වෙති.

එකිනෙකාට ගෞරවයෙන් සළකන ලෙසත් අන් අය සමග කටයුතු කිරීමේදී සංවේදීතාවය පෙන්වන ලෙසත් බයිබලය පුරාම දෙවියන්වහන්සේ තම සෙනගට මතක් කර දුන් සේක (රෝම 12:15). ඉශ්‍රායෙල් ඉතිහාසයේ මුල් අවදියේදී ලෙවී කථාව පොතේ දැක්වෙන ලෙස දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල් සෙනගව සංවේදීතාවය කෙරෙහි – විශේෂයෙන් විදේශිකයන් සමග ගනුදෙනු කිරීමේදී – යොමු කළ සේක. උන්වහන්සේ “නුඹට මෙන් ඔහුට ප්‍රේම කරන්න” කියා කීවේ ඉශ්‍රායෙල් වරුද ඊජිප්තුවේ විදේශිකයන්ව සිටි නිසාත් එම දුෂ්කරතා ඔවුන් ඉතා හොඳින් දැන සිටි නිසාත්ය (ලෙවී කථාව 19:34).

සමහර විට අප ඔසවා ගෙන යන බර නිසා අපගේ සම වයසේ මිතුරන් අතර පවා අප තනිවු සහ වරදවා තේරුම් ගන්නා ලද විදේශිකයන් ලෙස අපට හැඟෙනු ඇත. ඉශ්‍රායෙල්වරුන් ඔවුන් සමග සිටි විදේශිකයන් සමග ගමන් කළා හා සමාන අත්දැකීමක් සෑමවිටම අපට නැත. නුමුත් දෙවියන්වහන්සේ අපගේ මාවත්වල තබන අයට අප විසින් අපට ආශා කරන ගෞරවය හා අවබෝධය සමග සෑම විටම සැළකිය හැකිය. අද දින සිටින මධ්‍යම පාංතිකයෙකුට හෝ ඉශ්‍රායෙල්වරයෙකුට හෝ ඕනෑම කෙනෙකුට හෝ වේවා මෙසේ ගෞරවයෙන් සහ සැළකීමෙන් සෑම විටම සළකන විටදී අපි දෙවියන්වහන්සේට ගෞරව කරන්නෙමු.