මිනිසෙක් ඔස්ට්‍රේලියාවේ වොලොංගොං හි පිහිටි වෙළඳ සැලකට ගොස් ඩොලර් 20 ක මුදල් නෝට්ටුවක් කවුන්ටරයට දමා මාරු කාසි ඉල්ලා සිටියේය. ලිපිකරු මුදල් ලාච්චුව විවර කළ විට එම මිනිසා තුවක්කුවක් ඇදගෙන මුදල් පෙට්ටියේ ඇති සියලුම මුදල් ඉල්ලා සිටි අතර ලිපිකරු වහාම එම මුදල් ඔහුට දුන්නේය. එම පුද්ගලයා ඩොලර් 20 මුදල් නෝට්ටුව කවුන්ටරය මත තබා ලිපිකරුගෙන් ගත් මුදල් රැගෙන පලා ගියේය. ඔහු ලාච්චුවෙන් ලබා ගත් මුලු මුදල කොපමණද? ඩොලර් පහළොවක් පමණි.

අපි සැවොම සමහර විට මෝඩ ලෙස හැසිරෙන්නෙමු. මෙම සොරා මෙන් අපි හැසිරුණේ නැතත් අපි නිවැරදි දේ කිරීමට උත්සාහ කරන්නෙමු. ප්‍රධාන දෙය වන්නේ මෝඩ හැසිරීමෙන් අප ඉගෙන ගන්නේ කෙසේද යන්නයි. නිවැරදි කිරීමකින් තොරවූ අපගේ දුර්වල තේරීම් පුරුදු බවට පත්විය හැකි අතර එය අපගේ චරිතය සෘණාත්මක ලෙස හැඩගස්වනු ඇත. අපි “සිහිය මදිවූ මෝඩයන්” මෙන් වන්නෙමු (දේශනාකාරයා 10:3).

සමහර විට අපගේ මෝඩකම පිළිගැනීමට අපහසු වන්නේ එයට අවශ්‍ය අමතර වැඩ නිසාය. සමහර විට අපට යම් චරිත දෝෂයක් ගැන ආවර්ජනය කරන්න අවශ්‍ය වන නමුත් එය වේදනාකාරිය. එසේත් නැත්නම් අපි හදිසියේ තීරණයක් ගත් බවත් ඊළඟ වතාවේ එසේ නොවන්න වග බලා ගන්නා බවත් පිළිගැනීමට අවශ්‍ය වේ. හේතුව කුමක් වූවත් අපගේ මෝඩ ක්‍රම නොසළකා හැරීම කිසි විටෙකත් සුදුසු නොවේ.

ස්තුතිවන්ත විය යුත්තේ අපගේ මෝඩකම් අපව හික්මවීමට සහ හැඩ ගැස්වීමට යොදා ගන්න දෙවියන් වහන්සේට පුළුවන් වන නිසාය. විනය “සමහර අවස්ථාවලදී ප්‍රසන්න නොවුවත්” එහි පුහුණුව දිගු කාලීනව හොඳ ඵල ලබා දෙනු ඇත (හෙබ්‍රෙව් 12:11). අපගේ මෝඩ හැසිරීම ගැන අපගේ පියාණන්ගේ විනය පිළිගෙන උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන පුතුන් හා දුවරුන් මෙන් අපව කරන්නැහි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.