පීනට්ස් නැමැති විකට චිත්‍රපටියක ලුසීගේ ඉතා සිත්ගන්නා සුළු චරිතය ශත පහකට “මනෝ චිකිත්සක උපකාර ලබා දීමේ සේවය” ගැන ප්‍රචාරය කළාය. ලීනස්, ලුසීගේ කාර්්‍යයාලයට ගොස් තමාට “මානසික අවපීඩනය ගැන ගැඹුරු හැඟීම්” තිබෙන බව පිළිගත්තේය. එම තත්ත්වය ගැන ඔහුට කළ හැක්කේ කුමක්දැයි ඔහු ඇයගෙන් විමසූ විට ලුසීගේ ඉක්මන් පිළතුර වූයේ “එයින් ඉවත් වෙන්න. මගේ ගාස්තුව වන ශත පහ දෙන්න” කියාය.

එබඳු සැහැල්ලු හදවත් සහිත විනෝදාස්වාදය මොහොතකට සිනහවක් ගෙන එනු ඇත. එහෙත් සැබෑ ජීවිතයේ මෙවැනි දෑ සිදුවන විට අපට ග්‍රහණය කරන්න සිදුවන දුක සහ අඳුර එතරම් පහසුවෙන් බැහැර කළ නොහැකිය. බලාපොරොත්තු සුන්වීම් සහ එවැනි හැඟීම් සැබෑ වන අතර සමහර විට එයට වෘත්තීමය අවධානයක් අවශ්‍ය වනු ඇත.

සැබෑ වේදනාව විසඳීමට ලුසීගේ උපදෙස් ප්‍රයෝජනවත් නොවීය. කෙසේ වෙතත් 88 වන ගීතාවලියේ ලේඛකයා උපදේශාත්මක හා බලාපොරොත්තු සහගත යමක් ඉදිරිපත් කරයි. එක විට ප්‍රශ්න රාශියක් ඔහු අභියසට පැමිණ තිබුණි. ඔහු අවංකවම තම සිත දෙවියන්වහන්සේ වෙත වැගිරෙව්වේය. “මාගේ ආත්මය දුකින් පිරී තිබේ. මාගේ ප්‍රාණය ෂෙයෝලට ළංවේ” (3 පදය). “ඔබ ඉතා ගැඹුරු වළෙහි අඳුරු තැන්වලත් ගැඹුර තැන්වලත් මා තැබූ සේක” (6 පදය). “අන්ධකාරය මාගේ සමීපතම මිතුරා වී තිබේ” (18 පදය). ගීතිකාකරුගේ වේදනාව අපට ඇසෙනු ඇත. දැනෙනු ඇත. සමහර විට අප එය හඳුනා ගන්නවාද විය හැකිය. එහෙත් එපමණක් නොවේ. ඔහුගේ විලාපය බලාපොරොත්තුවෙන් වැසී තිබේ. “මාගේ ගැළවීමේ දෙවිවූ ස්වාමිනී, රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි මොර ගසා සිටියෙමි. මාගේ යාච්ඤාව ඔබ ඉදිරියට පැමිණේවා. ඔබගේ කණ මාගේ මොර ගැසීමට යොමු කළ මැනව” (1-2 පද; 9-13 පද බලන්න). වෙහෙසකාරී දේවල් පැමිණිය හැකිය. උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි ප්‍රායෝගික පියවර අවශ්‍ය විය හැකිය. නමුත් කිසි විටෙකත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව අත් නොහරින්න.