මගේ මිතුරෙක් සහ මම, ඇවිදීමට මම ප්‍රිය කරන ස්ථානයකට මෑතකදී ගියෙමු. සුළඟට විවෘත කඳු මුදුනකට නැගුණු අපි කැලෑ මල් පිට්ටනියක් තරණය කර ඉහළ වනාන්තරයකට ගියෙමු. පසුව මිටියාවතකට බැස මොහොතකට නතර වීමු. වලාකුළු අපට ඉහළින් මෘදු ලෙස පාවී ගියේය. ඒ අසල ගංගාවක් සෙමින් ගළා ගියේය. එකම ශබ්දය වූයේ කුරුල්ලන්ගේ නාදයයි. ජේසන් සහ මම විනාඩි පහළොවක් නිහඬව එහි සිටගෙන ඒ සියල්ල රස වින්දෙමු.

පෙනෙන ආකාරයට එදින අපගේ මෙම ගමන නිසා අපට ගැඹුරු සතුටක් අත් විඳීමට හැකි විය. ඩර්බි විශ්ව විද්‍යලයේ පර්යේෂණයන්ට අනුව සොබා දහම ගැන මෙනෙහි කිරීම සඳහා කාලය යොදවන පුද්ගලයින් ඉහළ මට්ටමේ සතුටක්, අඩු මට්ටමේ සාංකාවක් සහ පෘථ’විය රැකබලා ගැනිමට වැඩි කැමැත්තක් දක්වයි. නමුත් වනාන්තරය හරහා ගමන් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ වලාකුළු නැරඹිය යුතුය. කුරුල්ලන්ට සවන් දිය යුතුය. ප්‍රධාන දෙය වන්නේ සොබාදහමේ සිටීම නොව එය දැකීමය.

සොබාදහමේ ප්‍රතිලාභ සඳහා අධ්‍යාත්මික හේතුවක් තිබිය හැකිද? මැවීම දෙවියන්වහන්සේගේ බලය හා ස්වභාවය හෙළි කරන බව පාවුල් තුමා පැවසීය (රෝම 1:20). දෙවියන්වහන්සේ යෝබ්ට පැවසුවේ උන්වහන්සේගේ අභිමුඛය ගැන සාක්‍ෂි සඳහා මුහුද, අහස සහ තරු දෙස බලන ලෙසයි (යෝබ් 38-39).
“ආකාශයේ පක්‍ෂීන්” සහ “කෙතේ මල්” ගැන මෙනෙහි කිරීමෙන් දෙවියන්වහන්සේගේ සැළකිල්ල එළිදරව් වන අතර සාංකාවද අඩු කර ගත හැකිය (මතෙව් 6:25-30). ශුද්ධ ලියවිල්ලෙහි මැවීම රස විඳීම අධ්‍යාත්මික උපක්‍රමයකි.

විද්‍යාඥයින් කල්පනා කරන්නේ සොබාදහම අපට මෙතරම් ධනාත්මකව බලපාන්නේ මන්ද යන්නයි. සමහර විට එක් හේතුවක් විය හැක්කේ සොබාදහම දැකිීමෙන් එය මැවූ දෙවියන්වහන්සේව හා අපව දකින තැනන් වහන්සේව මද වශයෙන් හෝ දැක ගැනීමට හැකි වන හෙයින් විය යුතුය.