ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුරදී ඒබ්‍රැහැම් ලින්කන් වරක් දේශපාලනඥයෙක් සතුටු කිරීමට සිතා සමහර “හමුදා රෙජිමේන්තු” මාරු කිරීමට අණක් නිකුත් කළේය. යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන්ට් නියෝගය ලැබුණු විට එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කළේය. ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා මෝඩයෙක් බවයි. ස්ටැන්ටන්ට් පැවසූ දේ ලින්කන්ට කී විට ඔහු පිළිතුරු දුන්නේ “මම මෝඩයෙක් යැයි ස්ටැන්ටන්ට් කීවා නම් මම එසේ විය යුතුය. මන්ද ඔහු සෑම විටම පාහේ නිවැරදිය. මම ඒ ගැන බලන්නම්” යනුවෙනි. දෙදෙනා හමුවුනු අවස්ථාවේදී තම තීරණය බරපතල වැරැද්දක් බව ඉක්මණින්ම වටහා ගත් ජනාධිපතිවරයා පැකිලීමකින් තොරව තමා ගත් තීරණය ඉල්ලා අස්කර ගත්තේය. ලින්කන් මෝඩයෙක් යැයි ස්ටැන්ටන්ට් කීවත් ස්ටැන්ටන්ට් ඔහු ගත් තීරණය හා එකඟ නොවූ විට ලින්කන් තමා බුද්ධිමතෙක් බව පෙන්වූුයේ ස්ටැන්ටන්ට් දුන් උපදෙස්වලට ඇහුම්කන්දී එය සළකා බලා තම අදහස වෙනස් කර ගැනීමෙනි.

නුවණැති උපදෙස්වලට ඇහුම්කන් නොදෙන කෙනෙකු ඔබට කවදා හෝ හමු වී තිබේද? (1 රාජාවලිය 12:1-11 බලන්න). එය කෙනෙක්ව කෝපයට පත් කළ හැකිය. එසේ නොවේද? නැතහොත් ඊටත් වඩා පෞද්ගලිකව ඔබ කවදා හෝ උපදෙස් වලට සවන් දීම ප්‍රතික්‍ෂේප කර තිබේද? හිතෝපදේශ 12:15 හි පවසන පරිදි “මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය. එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය”. මිනිසුන් සැම විටම නිවැරදි නොවිය හැකි නමුත් අපටද එය එසේම විය හැකිය. සෑම කෙනෙකුම වැරදි කරන බව දැන මෝඩයන් පමණක් ඔවුන් හරි යැයි උපකල්පනය කරයි. අප මුලින් එකඟ නොවූනත් ඒ වෙනුවට අපි දිව්‍ය ප්‍රඥාව ක්‍රියාත්මක කර අන් අයගේ බුද්ධිමත් උපදෙස් වලට සවන් දෙමු. සමහර විට එය දෙවියන්වහන්සේ අපගේ යහපත උදෙසා ක්‍රියා කරන ක්‍රමයක් විය හැකිය (2 පදය).