මානව විද්‍යාඥ ඩොනල්ඩ් බ්‍රවුන් සිය “මානව විශ්ව” (Human universals) නම් පොතෙහි මානව වර්ගයා අතර පොදු යැයි සැළකෙන හැසිරීම් රටා හාරසියයකට වඩා ලැයිස්තු ගත කර තිබේ. සෙල්ලම් බඩු, විහිළු, නැටුම් සහ හිතෝපදේශ, සර්පයන්ගේ යුධමය බව සහ නූල්වලින් ගැටගැසිම වැනි දේ එයට ඇතුළත් වේ. ඒ හා සමානව සෑම සංස්කෘතියකම හරි වැරැද්ද පිළිබඳව සංකල්ප ඇති බවත්, ත්‍යාගශීලිත්වයට ප්‍රශංසා කරන බවත්, පොරොන්දු අගය කරන බවත්, නපුරුකම සහ මිනී මැරීම වැනි දෑ වැරදි යැයි වටහා ගෙන ඇති බවත් ඔහු විශ්වාස කරන්නේය. අපි කොහේ සිටියත් අපි හැමෝටම හෘද සාක්‍ෂිය පිළිබඳ හැඟීමක් ඇත.

වැරදි දෙයින් නිවැරදි දේ පැහැදිළි කර ගැනීම සඳහා දෙවියන්වහන්සේ යුදෙව් ජනතාවට දස පනත දුන් අතර අන්‍යජාතීන්ට ඔවුන්ගේ හෘද සාක්‍ෂියට කීකරු වෙමින් හරි දේ කළ හැකි නිසා දෙවියන් වහන්සේගේ ව්‍යාවස්ථාව ඔවුන්ගේ සිත් වල ලියා ඇති බව පෙනෙන්නේ යයි පාවුල් වටහා ගත්තේය (2:14-15). නමුත් මිනිසුන් සෑම විටම නිවැරදි දේ කළ බව එයින් අදහස් නොකෙරේ. අන්‍යජාතිකයන් ඔවුන්ගේ හෘද සාක්‍ෂියට විරුද්ධව කැරළි ගැසූහ (1:32). යුදෙව්වෝ නීතිය කඩ කළහ (2:17-24). ජාතීන් දෙකම වරදකරුවන් බවට පත්වූහ. නමුත් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොට ගෙන සියලු නීති කඩ කිරීමෙන් අප ලද මරණ දඬුවම දෙවියන්වහන්සේ අපෙන් ඉවත් කළ සේක (3:23-26; 6:23).

දෙවියන්වහන්සේ සියලු මනුෂ්‍යයන් මැව්වේ හරි වැරැද්ද පිළිබඳ හැඟීමකින් බැවින් අප විසින් කරන ලද නරක දෙයක් හෝ අප විසින් කිරීමට අපොහොසත් වූ හොඳ දෙයක් පිළිබඳව හෝ අප සෑම කෙනෙකුටම යම් වරදකාරී හැඟීමක් ඇති වනු ඇත. අප එම පාපයන් පාපොච්චාරණය කරන විට දෙවියන් වහන්සේ අපගේ වරද ඉවත් කරන්නේ පිස දමා පිරිසිදු කරන ලද සුදු ලෑල්ලක් මෙන්ය. අප කොහේ සිටියත්, කොහේ සිට පැමිණියත් අප කළ යුත්තේ උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිම පමණි.