ඕබ්රි ඇගේ වයස්ගත පියා වෙනුවෙන් ලොම් සහිත කබායක් මිළදී ගත් නමුත් ඔහු එය පැළඳීමට පෙර මිය ගියේය. ඒ නිසා ඇය දිරි ගැන්වීමේ සටහනක් සමග ඩොලර් 20 ක නෝට්ටුවක් එම කබායේ සාක්කුවට දමා එය පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළාය.

සැතපුම් අනුවක් ඈතින් තම පවුලේ අක්‍රමිකතාව තවදුරටත් දරාගත නොහැකිව දහනව හැවිරිදි කෙලී කබායක්වත් නොගෙන නිවසින් පිටව ගියේය. යාමට ඇත්තේ එක් ස්ථානයක් බව ඔහු දැන සිටියේය. එනම් ඔහු වෙනුවෙන් යාච්ඤා කරන ඔහුගේ ආච්චිගේ නිවසටය. පැය කිහිපයකට පසුව ඔහු බසයෙන් බැස ආච්චිගේ දෑතට තුරුලු විය. ශීත සෘතුවේ සුළඟින් ඔහුව ආරක්‍ෂා කළ යුතු නිසා “අපි ඔබට කබායක් ලබා ගත යුතුය” කියා ඇය කීවාය. මිෂනාරි සාප්පුවේදී තමාගේ සිත ගත් කබායක් ඇඳ ගැනීමට කෙලී උත්සාහ කළේය. ඔහුගේ අත කබායේ සාක්කුවට දැමූ කළ ඩොලර් 20 ක මුදල් නෝට්ටුවත් ඕබ්රිගේ සටහන සහිත ලියුම් කවරයත් ඔහු සොයා ගත්තේය.

යාකොබ් තම ජීවිතය ගැන බියෙන් ප්‍රශ්න වලින් පිරුණු තම පවුලෙන් පලා ගියේය (උත්පත්ති 27:41-45). ඔහු රාත්‍රියට නතර වූ කල දෙවියන්වහන්සේ යාකොබ්ට සිහිනයකින් එළිදරව් වූ සේක. “මම නුඹ සමග සිටිමි. නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්‍ෂා කරමි” (28:15). යාකොබ් භාරයක් වී : “දෙවියන්වහන්සේ … මට කන්ට භෝජනද අඳින්ට වස්ත්‍රද දෙන සේක් නම් ස්වාමින්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වන සේක” (20-21 පද) යනුවෙන් කීවේය.

යාකොබ් ආකෘතික පූජාසනයක් සාදා එම ස්ථානයට “දෙවියන්වහන්සේගේ ගෘහයය” කියා නම් කළේය (22 පදය). කෙලී ඔහු යන සෑම තැනකටම ඕබ්රිගේ සටහන සහ ඩොලර් 20 මුදල් නෝට්ටුව ගෙන ගියේය. අපි කොතැනකට දුව ගියත් දෙවියන්වහන්සේ එහි සිටින්නේය යන්න ඒ එකිනෙක අපට සිහිපත් කරන්නේය.