වසර ගණනාවක් තිස්සේ දරුවෙකු ලැබීමට රිචඩ් සහ සූසන් උත්සාහ කළ අතර සූසන් ගැබ් ගත් විට ප්‍රීතියෙන් ඉපිළ ගියහ. කෙසේ වෙතත් ඇගේ සෞඛ්‍ය ගැටළු දරුවාට අවදානමක් ඇති කළ හැකි බැවින් රිඩඩ් සෑම රාත්‍රියකම අවදිව තම බිරිඳ සහ දරුවා වෙනුවෙන් යාච්ඤා කළේය. දෙවියන්වහන්සේ සියල්ලක්ම භාරගත් බවට පොරොන්දු වී තිබූ නිසා එතරම් වෙහෙස මහන්සි වී යාච්ඤා කිරීමට අවශ්‍ය නැතැයි යන හැඟීමක් එක් රාත්‍රියක රිචඩ්ට දැණුනි. නමුත් සතියකට පසු සූසන්ට ගබ්සා විය. රිචඩ් මහත් සේ කම්පනයට පත්වුනි. ඔහු දැඩි ලෙස යාච්ඤා නොකළ නිසා ඔවුන්ට දරුවා අහිමි වුනාද කියා ඔහු කල්පනා කළේය.

මුලින් කියවන අවස්ථාවේදී අද දින උපමාව එසේ යෝජනා කරයි කියා අපට සිතෙනු ඇත. කථාවේ අසල්වැසියෙකු (සමහර විට දෙවියන්වහන්සේ නියෝජනය කරන සිතුවිල්ලක් විය හැකිය) මිතුරාගේ කරදරකාරී නොපසුබට උත්සාහය නිසා ඔහුට උපකාර කිරීම සඳහා යහනෙන් නැගිටුණේය (ලූක් 11:5-8). මේ ආකාරයෙන් කියවන්න : උපමාව යෝජනා කරන්නේ අපට අවශ්‍ය දේ දෙවියන් වහන්සේ ලබා දෙන්නේ උන්වහන්සේට කරදර කළ හොත් පමණි. එසේම අපි දැඩි ලෙස යාච්ඤා නොකළහොත් උන්වහන්සේ අපට උපකාර නොකරනු ඇත.

නමුත් ක්ලයින් ස්නෝඩ්ග්‍රාස් වැනි බයිබල් විචරකයින් විශ්වාස කරන්නේ මෙම උපමාව වරදවා වටහා ගෙන ඇති බවයි. එහි සැබෑ කරුණ වන්නේ ආත්මාර්ථකාමී හේතූන් මත අපට අසල්වැසියන් උපකාර කරන්නේ නම් අපගේ පරාර්ථකාමී පියාණන්වහන්සේ අපට කොපමණ උපකාර කරාවිද යන්නයි. එබැවින් දෙවියන් වහන්සේ දෝෂ සහිත මනුෂ්‍යයන්ට වඩා උතුම් බව දැන අපට විශ්වාසයෙන් යුතුව (9-10 පද) යාච්ඤා කළ හැකිය (11-13 පද). උන්වහන්සේ උපමාවේ අසල්වැසියා නොව ඔහුට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන තැනන්වහන්සේය.

“ඔබේ දරුවා අහිමි වූයේ මන්දැයි මම නොදනිමි. නමුත් මම දන්නවා ඔබ ප්‍රමාණවත් ලෙස යාච්ඤා නොකළ නිසා නම් නොවේ. දෙවියන්වහන්සේ එසේ නොවේ” කියා මම රිචඩ්ට කීවෙමි.