කොලින් සහ ඔහුගේ බිරිඳ ජෝර්ඩන් ශිල්පීය වෙළඳ සැළ හරහා ගමන් කරමින් තම නිවසේ එල්ලීමට පින්තූරයක් සෙවුහ. කොලින් සිතුවේ තමාට නිවැරදි පින්තූරය හමුවුනාය කියා බැවින් එය බැලීමට ජෝර්ඩන්ට කථා කළේය. පිඟන් මැටි කලා කෘතියේ දකුණු පැත්තේ “අනුග්‍රහය” යන වචනය විය. නමුත් වම් පැත්තේ දිගු ඉරි තැලීම් දෙකක් තිබුණි. “හොඳයි. ඒක කැඩිලනේ” යනුවෙන් ජෝර්ඩන් කීවේ රාක්කයේ නොකැඩුණු එකක් සොයන්න පටන් ගනිමිනි. නමුත් එවිට කොලින් කිීවේ “නෑ මෙයයි හේතුව. අපිත් කැඩිලා. වෙලාවට අනුග්‍රහය පැමිණෙනවා” යනුවෙනි. ඉරි තැලීම් සහිත පින්තූරය මිළදී ගැනීමට ඔව්හු තීරණය කළහ. ඔවුන් පිටව යාමට පැමිණී විට “ඔහ්. නැහැ. ඒක කැඩිලා” යයි වෙළඳ සේවකයා කීවේය. “ඔව් අපිත් එහෙමයි” ජෝර්ඩන් කෙඳිරුවාය.

“බිඳුණු” පුද්ගලයෙක් වීම යනුවෙන් අදහස් කරනුයේ කුමක්ද? කෙනෙක් එය මේ ආකාරයෙන් නිර්වචනය කර තිබේ. අප කෙතරම් උත්සාහ කළත් ජීවිතයේදී අපේ හැකියාවන් හොඳ වෙනවා වෙනුවට නරක අතට හැරේ. එය දෙවියන්වහන්සේ ගැන අපගේ අවශ්‍යතාවයත් අපගේ ජීවිතවලට උන්වහන්සේගේ මැදිහත්කමත් අපට තේරුම් කර දෙන්නේය.

අපෝස්තලු පාවුල් අපගේ බිඳ වැටීම ගැන කථා කළේ “අපගේ වැරදි සහ පාපවලින් මැරී සිටීම” යනුවෙනි (එපීස 2:1). අපට සමාව සහ වෙනස් වීමේ අවශ්‍යතාවයට පිළිතුරු 4 සහ 5 පද වල සඳහන් වේ. “දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටින සේක් අපට ප්‍රේම කළාවූ තමන්වහන්සේගේ මහත් ප්‍රේමයෙන් … අපව ජීවත් කර+…. නුඹලා ගැළවී සිටින්නේ අනුග්‍රහයෙන්ය”.

“මම කැඩී ඇත්තෙමි” යනුවෙන් අප පිළිගන්නා විට උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපගේ බිඳ වැටීම සුවපත් කිරීමට දෙවියන්වහන්සේ කැමැත්තෙන් සිටින සේක.