2000 වසරේදී ජියා හයික්සියාට පෙනීම අහිමි විය. ඔහුගේ මිතුරා වූ ජියා වෙන්කිට කුඩා අවදියේදී ඔහුගේ දෑත් අහිමි වුනි. නමුත් ඔවුහු තම ආබාධිත භාවය මග හරවා ගෙන ඇත. “මම ඔහුගේ දෑත් ඔහු මගේ ඇස්” හයික්සියා පවසයි. ඔවුන් දෙදෙනා එක්ව චීනයේ ඔවුන්ගේ ගම වෙනස් කරති.

2002 සිට මෙම මිතුරන් තම නිවස අසළ පාළු ඉඩමක් ප්‍රතිසංස්කරණය කිරීමේ මෙහෙවරක යෙදී සිටියහ. මෙම ඉඩමට යාමට සෑම දිනකම හයික්සියා ගඟක් තරණය කිරීමට වෙන්කිගේ පිටට නගී. ඉන්පසු වෙන්කි ඔහුගේ පාද වලින් හයික්සියාට ලබා දෙන්නේ වෙන්කිගේ කම්මුල් සහ උරහිස් අතර පොල්ලක ආධාරයෙන් බාල්දියක් තැබීමට පෙරය. එක් අයෙක් හාරන විට අනෙක් කෙනා ජලය වත්කරමින් දෙදෙනා ගස් පැළ කරති. දැනට ගස් 10,000 කට වඩා ඔවුන් පැළ කර තිබේ. “එකට වැඩ කිරීමේදී අපට කිසිසේත් ආබාධිත බවක් දැනෙන්නේ නැත” හයික්සියා පවසයි. “අපි කණ්ඩායමක්”.

අපෝස්තළු පාවුල් සභාව ශරීරයකට සමාන කරන අතර සෑම කොටසක්ම ක්‍රියාත්මක වීමට අනෙක් කොටස් අවශ්‍ය බව පැහැදිළි කරයි. “මුළු ශරීරය ඇසක් නම් ඇසිීම කොයිද? මුළු ශරීරය ඇසීම නම් ගඳ දැනීම කොයිද?” (1 කොරින්ති 12:14-17). “නුඹ මට ඕනෑ නැතැයි අතට කියන්ට” ඇසට නුපුළුවන් බව පාවුල් පවසයි (21 පදය). සභාවේ අපි සෑම කෙනෙක්ම අපගේ ආත්මික දීමනා මත පදනම්ව ක්‍රියා කරමු (7-11, 18 පද). ජියා හයික්සියා සහ ජියා වෙන්කි මෙන්ම අපි අපේ ශක්තීන් එකතු කර ගත් විට අපට ලෝකයට වෙනසක් ගෙන ඒමට පුළුවන.

මිනිසුන් දෙදෙනෙක් එකතුව මුඩු බිමක් ප්‍රතිසංස්කරණය කරන්න ඔවුන්ගේ හැකියාවන් එකතු කරති. ක්‍රියාත්මක වන සභාවක් ගැන මෙය කෙතරම් අගනා චිත්‍රයක්ද!