දෙවන ලෝක මහා යුද්ධයේදී වොල්ඩෙමාර් සෙමෙනොව් නැමැත්තා එස්එස් ඇල්කෝවා ගයිඞ් නැමැති යුධ නෞකාවේ කණිෂ්ඨ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරමින් සිටියදී උතුරු කැරලයිනා වෙරළට සැතපුම් තුන්සියයකට ආසන්නව සිටියදී ජර්මානු සබ්මැරීනයක් මතුවී නැවට වෙඩි තැබීය. වෙඩි වැදුනු නැව ගිනි ගෙන ගිලෙන්න පටන් ගත්තේය. සෙමෙනොව් සහ ඔහුගේ කාර්්‍යය මණ්ඩලය ජීවිතාරක්‍ෂක බෝට්ටුවක් මුහුදට දියත් කර නැවේ මංතීරු දෙසට ගමන් කිරීමට යාත්‍රාවේ මාලිමාව භාවිතා කළහ. දින තුනකට පසු මුර සංචාරක ගුවන් යානයක් ඔවුන්ගේ ජීවිතාරක්‍ෂක යාත්‍රාව දුටු අතර යූඑස්එස් බ්‍රෝම් ඊළඟ දිනයේ මිනිසුන්ව බේරා ගත්තේය. මාලිමාවට ස්තුතිවන්ත වෙන්න සෙමෙනොව් සහ අනෙකුත් කාර්්‍යය මණ්ඩල සාමාජිකයන් විසි හය දෙනා බේරුණේය.

දෙවියන්වහන්සේගේ සෙනඟගේ ජීවිතය මාලිමා යන්ත්‍රයකින් සන්නද්ධ කර ඇති බව ගීතිකාකරු සිහිපත් කරවයි. එනම් බයිබලයයි. දෙවියන්වහන්සේ අනුගමනය කරන අයගේ ජීවන මාවත ආලෝකමත් කිරීම සඳහා ආලෝකය සපයන “පහනකට” (ගීතාවලිය 109:105) ඔහු දේව වචනය සංසන්දනය කරයි. ගීතිකාකරු ජීවිතයේ අවුල් සහගත ජලයේ පාවී යන විට දේව වචනයේ අධ්‍යාත්මික දේශාංශක සහ අක්‍ෂාංශක ලබා දී දිවි ගළවා ගැනීමට උපකාර කිරීමට දෙවියන්වහන්සේට හැකි බව ඔහු දැන සිටියේය. ඒ අනුව දෙවියන්වහන්සේගේ ආලෝකයෙන් ජීවිතයේ ඔහුට මග පෙන්වා උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ වරායට ආරක්‍ෂිතව ඔහුව ගෙන එන ලෙසට ඔහු යාච්ඤා කළේය (43:3).

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් වශයෙන් අපට අපගේ මාර්ගය නැති වුවහොත් ශුද්ධාත්මයෙන් සහ දේව වචනයේ ඇති මගපෙන්වීම් මගින් දෙවියන්වහන්සේට අපට මග පෙන්විය හැකිය. අප බයිබලය කියවන විටත් එය අධ්‍යයනය කරන විටත් එහි ප්‍රඥාව අනුගමනය කරන විටත් දෙවියන්වහන්සේ අපේ හදවත් සහ සිත් වෙනස් කරන සේක්වා.