දසවන සියවසේදී ස්පාඤ්ඤයේ කෝර්ඩෝබාහි පාලකයා වූයේ තුන්වන අබ්ඞ් අල් රහ්මාන්ය. වසර පනහක සාර්ථක පාලනයකින් පසු (“මගේ යටත් වැසියන් විසින් ආදරය කරන ලද, මාගේ සතුරාගේ භීතියට හේතුවූ සහ මාගේ සගයින්ගේ ගෞරවයට පාත්‍රවූ”) අල් රහ්මාන් ඔහුගේ ජීවිතය දෙස ගැඹුරින් බැලුවේය.“ධනය හා ගෞරවය, බලය හා ආශාවන් මගේ ඇමතුම එනතෙක් බලා සිටියේය” කියා ඔහු තම වරප්‍රසාද ගැන පැවසීය. නමුත් එම කාලය තුළ ඔහු කොපමණ දවස් ඇත්තටම සතුටින් සිටියා දැයි ගණන් බැලූ විට ඒවා දින දහහතරකට පමණක් සීමා වුනි. කෙතරම් කණගාටුදායකද!

දේශනාකාරයා පොතේ ලේඛකයාද ධනයෙන් හා ගෞරවයෙන්ද (දේශනාකාරයා 2:7-9) බලයෙන් සහ විනෝදයෙන්ද (1:12; 2:1-3) පිරුණු තැනැත්තෙකි. තවද ඔහුගේම ජීවිත තක්සේරුවද අල් රහ්මාන්ගේ මෙන්ම අඳුරු එකක් වුනි. ධනය තවත් බොහෝ ලබා ගැනීමට ආශාවක් ඇති කරන බව ඔහු තේරුම් ගත්තේය (5:10-11). ආශාවන් ඉෂ්ට කරන්නේ ස්වල්පයකි (2:1-2). සාර්ථකත්වය හැකියාවන් මත නොව අහම්බෙන් සිදු වන්නකි (9:11). නමුත් ඔහුගේ තක්සේරුව අල් රහ්මාන්ගේ තරම් අඳුරු නොවීය. දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔහුගේ සතුටේ අවසාන ප්‍රභවය බව ඔහු දුටුවේය. ආහාර ගැනීම, වැඩ කිරීම හා යහපත් දේ කිරීම යනාදිය උන්වහන්සේ සමග කළ විට එය ඉහළින්ම භුක්ති විඳිය හැකි බව (2:25; 3:12-13) ඔහුගේ නිගමනය විය.

“අහෝ මනුෂ්‍යය!” අල් රහ්මාන් සිය මතක් කිරීම අවසන් කළේ “ඔබේ විශ්වාසය මේ වර්තමාන ලෝකය කෙරෙහි තබන්න එපා” යනුවෙනි. දේශනාකාරයා ලේඛකයාද එකඟ වනු ඇත. අපව සදා කාලයට සාදා ඇති හෙයින් (3:11) භූමික සතුට හා ජයග්‍රහණයන් තුළින් පමණක් අපට තෘප්තියක් ලැබෙන්නේ නැත. නමුත් අපගේ ජීවිතයේ උන්වහන්සේ සිටින්නේ නම් ආහාර ගැනීමේදී වැඩ කිරීමේදී සහ ජීවත් වීමේදී අපට සැබෑ සතුට ලබා ගත හැකිය.