“ඔබේ අත් පිටුපසට කර තබා ගන්න. එය ඔබට හොඳයි”. ජෑන් කණ්ඩායමක් ඉදිරියේ කථා කිරීමට පෙර ඇගේ සැමියා සෑම විටම දුන් ආදරණීය අවවාදය එයයි. මිනිසුන්ට පහදා දීමට හෝ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරද්දී හෝ ඇය මෙම ඉරියව්ව අනුගමනය කළේ එය ඇයට ඉගැන්විය හැකි සවන් දිය හැකි මානසික රාමුවකට පත් කරන හෙයිනි. ඇය එය භාවිතා කළේ තමා ඉදිරියේ සිටින අයට ප්‍රේම කිරීමටත් යටහත් වීමටත් මතක් කර දීමටත් ශුද්ධාත්මයාණන් වහන්සේට සුදානම් වීමටත්ය.

නිහතමානීකම පිළිබඳ ජෑන්ගේ අවබෝධය මුල් බැස ඇත්තේ සෑම දෙයක්ම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය යන දාවිත් රජුගේ නිරීක්‍ෂණය තුළය. දාවිත් දෙවියන්වහන්සේට පැවසුවේ “ඔබ මාගේ ස්වාමින්වහන්සේය. ඔබ හැර යහපතක් මට නැත” යනුවෙනි (ගීතාවලිය 16:2). දෙවියන්වහන්සේව විශ්වාස කිරීමට සහ උන්වහන්සේගේ උපදෙස් ලබා ගැනීමට ඔහු ඉගෙන ගත්තේය. “රාත්‍රී භාගයෙහිදී මාගේ සිතුවිලි වලින් මට ගුරුකම් ලැබේ” (7 පදය). දෙවියන්වහන්සේ තමන් පසෙක සිටින නිසා ඔහු නොසෙල්වෙන බව ඔහු දැන සිටියේය (8 පදය). තමාට ප්‍රේම කරන බලවත් දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ හෙයින් ඔහුට උඩඟු වීමට අවශ්‍ය නොවුනි.

කලකිරීමට පත්වූ විට හෝ අපට කථා කර ගැනීමට නොහැකි වූ විට කථා කිරීමට වචන දෙන මෙන් ඉල්ලමින් සෑම දිනකම අප දෙවියන්වහන්සේ දෙස බලන විට උන්වහන්සේ අපගේ ජීවිතයේ ක්‍රියා කරන ආකාරය අපි දකින්නෙමු. ජෑන් කියන්නාක් මෙන් “අපි දෙවියන්වහන්සේ සමග හවුල්කරුවන් වෙමු”. අපි හොඳින් කළා නම් එයට හේතුව දෙවියන්වහන්සේ අපව සඵලවත් කළ නිසා බව අපට වැටහෙනු ඇත.

අපට අන් සියල්ලන් දෙස ආදරයෙන් බැලිය හැකිය. අපගේ දෑත් පිටුපසට බැඳගෙන සිටින නිහමානී ඉරියව්ව අපට සිහිපත් කරන්නේ සෑම දෙයක්ම පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් බවයි.