ඩවුන්ටවුන් ඇබේ යනු ජනප්‍රිය බ්‍රිතාන්‍ය රූපවාහිනී නාට්‍යයක් වූ අතර එය 1900 ගණන්වල මුල් භාගයේදී එංගලන්තයේ වෙනස්වන සමාජ ව්‍යුහයක් තුළ සැරිසැරූ ප්‍රබන්ධ ක්‍රෝලි පවුල අනුගමනය කළේය. එහි ප්‍රධාන චරිතයක් වන ටොම් බ්‍රැන්සන් මුලින් එම පවුලේ රියැදුරු ලෙස කටයුතු කළ අතර එම පවුලේ බාලම ක්‍රෝලි දියණිය සමග විවාහ වීමෙන් සියලු දෙනාම කම්පනයට පත් කළේය. පිටුවහල් කිරීමේ කාල පරිච්ඡේදයකින් පසුව තරුණ යුවළ නැවත ඩවුන්ටවුන් ඇබේ වෙත පැමිණියහ. ටොම් පවුලේ කොටසක් බවට පත්වී සේවකයෙක් ලෙස ඔහු නොලැබූ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා ප්‍රවේශය ලබා ගත්තේය.

අපව වරක් “විදේශිකයෝව සහ ආගන්තුකයෝව” (එපීස 2:19) ලෙස සළකනු ලැබූ අතර දෙවියන් වහන්සේගේ පවුලේ කොටසක් වන අයට ලබා දී තිබූ අයිතිවාසිකම් වලින් බැහැර කරන ලදී. නමුත් යේසුස් වහන්සේ නිසා සියලු ඇදහිලිවන්තයෝ ඔවුන්ගේ පසුබිම කුමක් වූවත් දෙවියන්වහන්සේ සමග සමාදාන වී
“දෙවියන්වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය” (19 පදය).

දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයෙකු වීම ඇදහිය නොහැකි අයිතිවාසිකම් සහ වරප්‍රසාද ගෙන එයි. අපට “නිර්භීතකමත් සැක නැතුව ළංවන්ට පුළුවන්කමත්” (එපීස 3:12) තිබෙන හෙයින් දෙවියන්වහන්සේ වෙතට අසීමිතව බාධාවකින් තොරව ළංවීමේ හැකියාව භුක්ති විඳිය හැකිය. අපි විශාල පවුලක කොටසක් වන අතර අපට උපකාර කිරීමට සහ දිරිගැන්වීමට ඇදහිලිවන්ත ප්‍රජාවක්ද අයිති වන්නේය (2:19-22). දෙවියන් වහන්සේගේ පවුලේ සාමාජිකයන්ට දෙවියන්වහන්සේගේ අති මහත්වූ ප්‍රේමයේ විශාලත්වය අවබෝධ කර ගැනීමට එකිනෙකාට උපකාර කිරීමේ වරප්‍රසාදය ඇත (එපීස 3:18).

බිය හෝ සැකය හෝ අප පිටස්තරයන් ලෙස පහසුවෙන් හැඟෙන්න සළස්වා දෙවියන්වහන්සේගේ පවුලේ සාමාජිකයෙක් වීමේ පුර්ණ වරප්‍රසාදයන් ලබා ගැනීමෙන් අපව වළක්වනු ඇත. නුමුත් දෙවියන්වහන්සේගේ අමිළ වූ හා ත්‍යාගශීලි වූ ප්‍රේමයේ දීමනාවල සත්‍යය වැළඳ ගෙන (2:8-10) උන්වහන්සේගේ වීමේ පුදුමය තුළ උණුසුම ලබන්න.