“කුමයින් කා නා බා?” (ඔයා කාලද ඉන්නේ?)

මා සිටින පිලිපීන රටේ බොහෝ නිවෙස් වල අමුත්තෙක් ලෙසට ඔබට සෑම විටම අසන්න ලැබෙනු ඇත්තේ මෙයයි. එය අපගේ අමුත්තන්ට සැළකිල්ල සහ කරුණාව ප්‍රකාශ කිරීමේ පිලිපීන ක්‍රමයයි. ඔබේ පිළිතුර කුමක් වූවත් ඔබේ සත්කාරකයා ඔබට කෑමට යමක් සුදානම් කරයි. පිලිපීන ජාතිකයන් විශ්වාස කරන්නේ සැබෑ කරුණාව යනු සම්මත ආචාරය පමණක් නොව සැබෑ ආගන්තුක සත්කාරය පෙන්වීමට වචන වලින් ඔබ්ටට යා යුතු බවයි.

රෙබෙකාත් කරුණාව ගැන දැන සිටියාය. නගරයෙන් පිටත ඇති ළිඳෙන් වතුර ඇදීම සහ බර වතුර භාජනය නිවසට රැගෙන යාම ඇගේ දෛනික කටයුතුවලට ඇතුළත් විය. ඔහුගේ ගමනෙන් දැඩි පිපාසයෙන් සිටි ආබ්‍රහම්ගේ සේවකයා ඇගේ භාජනයෙන් වතුර ස්වල්පයක් ඉල්ලා සිටි විට ඇය ඔහුට බීමට දීමට පසුබට වූයේ නැත (උත්පත්ති 24:17-18).

පසුව රෙබෙකා ඊටත් වඩා දෙයක් කළාය. ආගන්තුකයාගේ ඔටුවන්ද පිපාසයෙන් සිටින බව දුටු ඇය ඔවුන් සඳහා තවත් ජලය ඇද ගැනීමට ආපසු යාමට ඉක්මණින් ඉදිරිපත් වූවාය (19-20 පද). බර භාජනයක් සමග ළිඳෙන් එන්නත් ආපසු යන්නත් අමතර ගමනක් (ඊට වැඩි ගමනක්) කිරීමට අවශ්‍ය වුවද ඇය උදව් කිරීමට පසුබට නොවීය.

බොහෝ මිනිසුන්ට ජීවිතය දුෂ්කර වන අතර ප්‍රායෝගිකව යම් උපකාරයක් තුළින් කරුණාව පෙන්නුම් කිරීමෙන් ඔවුන්ව දිරිමත් කිරීම සහ ඔවුන්ගේ මනෝභාවය ඉහළ නැංවීම කළ හැකිය. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ නාලිකාවක් වීම යනු සෑම විටම බලවත් දේශනයක් පැවැත්වීම හෝ දේවස්ථානයක් පිහිටුවීම හෝ නොවේ. සමහර විට එය කෙනෙකුට පානය කිරීමට ජලය දීම වැනි සුළු දෙයක් විය හැකිය.