පර්යේෂකයින් අපට පවසන්නේ ත්‍යාගශීලිත්වය සහ ප්‍රීතිය අතර සම්බන්ධයක් ඇති බවයි. තම මුදල් සහ කාලය අන් අයට ලබා දෙන අය එසේ නොකරන අයට වඩා සතුටින් සිටින බවයි. මෙය “පරිත්‍යාගශීලීව දීම සදාචාරාත්මක වගකීමක් ලෙස නොසිතා එය සතුට ඇති කරන ක්‍රියාවක් ලෙස සිතීමට පටන් ගනිමු” යයි අවසානයේදී කීමට එක් මනෝ විද්‍යාඥයෙකුට මග පෙන්වීය.

දීමෙන් අපට සතුටු විය හැකි නමුත් ඉලක්කය විය යුත්තේ සතුටද කියා මම ප්‍රශ්න කරමි. අප ත්‍යාගශීිලී වන්නේ මිනිසුන්ට හෝ අපට හොඳ හෑඟීමක් ඇති කරන හේතු සඳහා පමණක් නම් අපගේ සහාය අවශ්‍ය වන වඩා දුෂ්කර හෝ ඒකාකාරී අවශ්‍යතාවන්ට වන්නේ කුමක්ද?

දේව වචනය ත්‍යාගශීලීත්වය ප්‍රීතිය සමග සම්බන්ධ කරන නමුත් එසේ කරන්නේ වෙනත් පදනමක් මතය. දේව මාළිගාව ගොඩනැගීම සඳහා තමාගේම ධනය දීමෙන් පසුව දාවිත් රජු ඊශ්‍රායෙල්වරුන්ටත් පරිත්‍යාග කරන ලෙසට ඇරයුම් කළේය (1 ලේකම් 29:1-5). සෙනග නොමසුරුව ප්‍රතිචාර දැක්වූ අතර රන්, රිදී සහ මැණික් ප්‍රීතියෙන් ලබා දුන්හ (6-8 පද). නමුත් ඔවුන්ගේ ප්‍රීතියට හේතු වූයේ කුමක්දැයි බලන්න. තම නායකයින් කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් සෙනග ප්‍රීති වුණෝය. මක්නිසාද ඔවුහු අවංක සිතකින් සහ මුලු හදවතින්ම ස්වාමීන්වහන්සේට පූජා කළෝය (9 පදය). අපව ප්‍රීතියට පත් කරන නිසා දෙන්න යයි දේව වචනයේ කිසි විටෙකත් පවසන්නේ නැත. නමුත් අවශ්‍යතාවයක් වෙනුවෙන් කැමැත්තෙන් සහ මුලු හදවතින්ම දෙන්න කියා කියයි. ප්‍රීතිය එහි අතුරු ඵලයක් වන්නේය.

පරිපාලනයට වඩා ඉවැන්ජලිස්ත සේවයට අරමුදල් රැස් කිරීම පහසු බව මිෂනාරිවරු දනිති. මක්නිසාදයත් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන් සෘජු සේවය සඳහා අරමුදල් සැපයීමේ හැඟීමට කැමති හෙයිනි. අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන්ද ත්‍යාගශීලී වෙමු. සියල්ලටම වඩා අපගේ අවශ්‍යතා සපුරා ලීමට යේසුස්වහන්සේ නොමිළයේම තමන්වහන්සේව දුන් සේක (2 කොරින්ති 8:9).