“මට අඳුරු මොහොතක් තිබුණා” යන වචන කොවිඞ්-19 වසංගතය අතරතුර ජනප්‍රිය කීර්තිමත් කන්තාවකගේ අභ්‍යන්තර වේදනාව ග්‍රහණය කරයි. නව සාමාන්‍ය තත්ත්වයකට හැඩ ගැසීම ඇගේ අභියෝගයේ කොටසක් වූ අතර ඇගේ කැලඹීම තුළ ඇය සියදිවි නසා ගැනීමේ සිතුවිලි සමග පොර බදමින් සිටි බව ඇය පිළිගත්තාය. පහතට වැටෙන මානසික තත්ත්වය වන ඇගේ අරගලය ගැන සැළකිලිමත් වන මිතුරෙක් සමග ඇය එය බෙදා ගත්තාය.

අපි සියල්ලෝම කැලඹිලි සහිත පැය, දින සහ කාලවලට ගොදුරු වේ. නිම්න සහ දුෂ්කර ස්ථාන විදේශීය නොවන නමුත් එවැනි ස්ථානවලින් පිටවීම අභියෝගාත්මක විය හැකිය. එමෙන්ම මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහාය ලබා ගැනීම ඇතැම් විට අවශ්‍ය වන්නේය.

ගීතාවලිය 143 හි දාවිත්ගේ ජීවිතයේ එක් අඳුරු කාල පරිච්ඡේදයකදී ඔහුගේ යාච්ඤාවෙන් අපට උපදෙස් දෙනවා අපට ඇසෙන්නේය. නිශ්චිත තත්ත්වය නොදන්නා නමුත් ඔහු දෙවියන්වහන්සේට කරන යාච්ඤාව අවංක වන අතර එය බලාපොරොත්තුවෙන් පිරී ඇත. “සතුරා මාගේ ආත්මයට පීඩා කළේය. ඔහු මාගේ ජීවිතයට පහර දී බිම හෙළුවේය. ඔහු වනාහී මැරී බොහෝ කල් ගිය වුන් මෙන් අඳුරු තැන්වල විසීම මට සැළැස්වීය. එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්ත වේ. මාගේ සිත මා තුළෙහි සැනසීම රහිතය” (3-4 පද). යේසුස්වහන්සේ විශ්වාස කරන්නන් හැටියට අප තුළ සිදුවන දේ අපට අපගේ මිතුරන්ට හෝ වෛද්‍ය විශේෂඥයින්ට කීම ප්‍රමාණවත් නොවේ. ගීතාවලිය 143:7-10 හි දක්නට ලැබෙන දැඩි ඉල්ලීම් ඇතුළත් යාච්ඤා සමග අපි උනන්දුවෙන් දෙවියන් වහන්සේ වෙත (අපගේ සිතුවිලි සහ සියල්ල සමග) පැමිණිය යුතු වන්නෙමු. දෙවියන්වහන්සේට පමණක් අපට දිය හැකි ආලෝකය සහ ජීවිතය සොයමින් අපගේ අඳුරු අවස්ථාවන් ගැඹුරු යාච්ඤාවන් සඳහාද කාලය විය හැකිය.