මීට වසර ගණනාවකට පෙර ජොනි මිෂෙල් විසින් “වුඩ්ස්ටොක්” නමින් ගීතයක් ලිවීය. එහිදී ඇය යක්‍ෂයා සමග “කෙවෙල් කිරීමක්” තුළ සිරවී සිටින මානව වර්ගයා දුටුවාය. වඩාත් සරල සාමකාමී පැවැත්මක් සොයන ලෙස ඇයගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිමින් ඇය “උයනට” නැවත පැමිණිමක් ගැන ගායනා කළාය. අරමුණු සහ අර්ථය සඳහා ආශාවෙන් බලා සිටින පරම්පරාවක් සඳහා මිෂෙල් කථා කළාය.

මිෂෙල්ගේ කාව්‍යමය “උද්‍යානය” ඇත්ත වශයෙන්ම ඒදන් උයනයි. ඒදන් යනු ආරම්භයේදී දෙවියන්වහන්සේ අප වෙනුවෙන් මවන ලද පාරාදීසයයි. යක්‍ෂයා සමග කේවල් කළ දිනය දක්වා ආදම් සහ ඒව මෙම උද්‍යානයේදී දෙවියන්වහන්සේව නිතිපතා මුණ ගැසුණි. එදා දවස වෙනස් විය. “ඉක්බිති දිවා භාගයේ සිසිල් වේලේ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන් කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය” (8 පදය).

ඔවුන් කළේ කුමක්දැයි දෙවියන්වහන්සේ ඇසූ විට ආදම් සහ ඒව බොහෝ දෝෂාරෝපණ එකිනෙකා වෙත එල්ල කිරීමෙහි නිරත වූහ. ඔවුන් ප්‍රතික්‍ෂේප කළත් දෙවියන්වහන්සේ ඔවුන්ව එහි තැබුවේ නැත. “ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූ සේක” (21 පදය). ඒ අපගේ පාප වසා ගැනීමට යේසුස්වහන්සේගේ මරණයෙන් කරන ලද පූජාවට ඉඟියක් ලෙසිනි.

දෙවියන්වහන්සේ අපට ඒදන් උයනට ආපසු යාමට මාර්ගයක් නොදුන් සේක. උන්වහන්සේ සමග නැවත ගොඩනැංවීමේ සබඳතාවයට ඉදිරි මාවතක් උන්වහන්සේ අපට ලබා දුන් සේක. අපට ආපසු උයනට යා නොහැකිය. නමුත් අපට උයනේ දෙවියන්වහන්සේ වෙත ආපසු යාමට පුළුවන.