පැබ්ලෝ පිකාසෝගේ වැදගත්ම දේශපාලන සිතුවම වන ගුවර්නිකා යන්න, එම නමින් කුඩා ස්පාඤ්ඤ නගරයක් 1937 විනාශ කිරීම පිළිබඳ නූතනවාදී නිරූපණයකි. ස්පාඤ්ඤ විප්ලවය දෙවන ලෝක සංග්‍රාමය දක්වා වේගයෙන් ගමන් කරන අතරතුර, නාට්සි ජර්මනියේ ගුවන් යානාවලට ස්පාඤ්ඤයේ දේශප්‍රේමී හමුදා විසින් බෝම්බ හෙලීමේ පුහුණුව සඳහා නගරය භාවිතා කිරීමට අවසර දෙන ලදී. මෙම මතභේදයන්ට තුඩු දෙන බෝම්බ ප්‍රහාර මගින් ජීවිත ගණනාවක් බිලිගත් අතර, සිවිල් ඉලක්කවලට බෝම්බ හෙලීමේ දුරාචාරය ගැන සැලකිලිමත් වූ ගෝලීය ප්‍රජාවකගේ අවධානය එයට යොමු විය. පිකාසෝගේ චිත්‍රය, නරඹන ලෝකයේ පරිකල්පනයන් ග්‍රහණය කර ගත් අතර එකිනෙකා විනාශ කිරීමට මනුෂ්‍යත්වයට ඇති හැකියාව පිළිබඳ විවාදයට උත්ප්‍රේරකයක් විය.

කවදාවත් චේතනාන්විතව ලේ වගුරුවන්නේ නැති බව විශ්වාස කරන අපි, යේසුස්වහන්සේගේ වදන් මතක තබා ගත යුතු වන්නෙමු, “මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය” (මතෙව් 5:21-22). ඇත්තෙන්ම මිනීමැරුමක් නොකර සිටියත් හදවත මිනීමරුමක් කළා බඳු විය හැකිය.

අන් අය කෙරෙහි පාලනය නොකළ කෝපය අපව විනාශ කිරීමට තර්ජනය කරන විට, අපගේ මිනිස් නැඹුරුව ආත්මයේ ඵල (ගලාති 5:19-23) මගින් ප්‍රතිස්ඨාපනය කළ හැකි වන පරිදි අපගේ හදවත් පිරවීමට සහ පාලනය කිරීමට අපට ශුද්ධාත්මයාණන් දැඩි ලෙස අවශ්‍ය වේ. එවිට ප්‍රේමය, ප්‍රීතිය සහ සාමය අපගේ සබඳතා සංකේතවත් කරනු ඇත.