“නත්තල් දිනදී මට සීනු හඬ ඇසුණි”, 1863 හෙන්රි ලෝංෆෙලෝ විසින් රචිත කවියකට පාදක වුනු මෙම ගීතිකාව ඇත්තෙන්ම අසාමාන්‍ය නත්තල් ගීතයකි. බලාපොරොත්තු වූ නත්තල් ප්‍රීතිය සහ ප්‍රමෝදය වෙනුවට, ගී පද වැල් විලාපයක් සාදා මෙසේ මොර දෙන්නේය: “බලාපොරොත්තු සුන් වූ මම හිස නමා සිටියෙමි – මිහිපිට සාමයක් නැතැයි මම කීවෙමි – මක්නිසාද වෛරය ප්‍රබල වන අතර – මිහිපිට සාමය, මිනිසුන්ට යහපත යන ගීතයට සමච්චල් කරයි.” කෙසේ වෙතත්, මෙම විලාපය, බලාපොරොත්තුව වෙත ඉදිරියට මෙසේ ගමන් කරමින් අපට සහතික වන්නේ “දෙවියන්වහන්සේ මිය ගොස් නැත, උන්වහන්සේ නිදා ගන්නේත් නැත – වැරදි අසාර්ථක වනු ඇත, හරි දේ ජය ගනු ඇත – මිහිපිට සාමයත් මිනිසුන් කෙරෙහි හොඳ හිතත් ඇති වන්නේය” යනුවෙනි.

විලාපයෙන් නැගී එන බලාපොරොත්තුවේ රටාව බයිබලයේ විලාප ගීතවල ද දක්නට ලැබේ. ඒ අනුව, ගීතාවලිය 43 ආරම්භ වන්නේ ගීතිකාකරු තමාට පහර දෙන තමන්ගේ සතුරන් ගැන (1 පදය) සහ ඔහුව අමතක කර ඇති බව පෙනෙන තමන්ගේ දෙවියන්වහන්සේ (2 පදය) ගැන මොර ගැසීමෙනි. නමුත් ගායකයා විලාප කියමින් පමණක් නොසිටියි – එනම්, ඔහු සම්පූර්ණයෙන්ම තේරුම් නොගත් දෙවියන්වහන්සේ දෙස බලන අතර, එසේම, තවමත් උන්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය ගැන මෙසේ ගායනා කරයි: “එම්බා මගේ ආත්මය, මක්නිසා මලානිකව ඉන්නෙහිද? මක්නිසා මා තුළ කැලඹෙන්නෙහිද? දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙව. මාගේ දෙවිවූ උන්වහන්සේට තවම ස්තුති ප්‍රශංසා කරන්නෙමි” (5 පදය).

ජීවිතය, විලාපයට හේතු වලින් පිරී ඇති අතර, අපි සියල්ලෝම ඒවා නිතිපතා අත්විඳිමු. එහෙත්, එම විලාපය බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ වෙතට අපව යොමු කිරීමට ඉඩ දෙන්නේ නම් අපි ගායනා කරන්නේ කඳුළු අතරින් වූවත් අපට ප්‍රීතියෙන් ගායනා කළ හැකිය.