දාර්ශනිකයෙක් සහ කතුවරියක් වන හැනා ඇරෙන්ඩ්ට්ගේ (1906-75) නිරීක්ෂණය අනුව, “මිනිසුන් විසින් බලවත්ම රජවරුන්ට විරුද්ධ වී තිබෙන අතර ඔවුන් ඉදිරියේ වැඳ වැටීම ප්‍රතික්ෂේප කර ඇති බව” සොයාගෙන ඇත. ඇය තවදුරටත් කියා සිටියේ, “එහෙත්, සමූහයාට විරුද්ධ වීමටද, නොමඟ ගිය ජනතාව ඉදිරියේ තනිව නැගී සිටීමටද, ආයුධ නොමැතිව ඔවුන්ගේ නොසංසිඳෙන උමතුවට මුහුණ දීමටද සිටියේ ස්වල්ප දෙනෙක් පමණි” යනුවෙනි. යුදෙව්වෙකු ලෙස, ඇරෙන්ඩ්ට් මෙය සිය උපන් ජර්මනියේදී සියැසින් දුටුවේය. කණ්ඩායමක් විසින් ප්‍රතික්ෂේප කිරීම ගැන භයානක දෙයක් මෙහිදි ඇත.

අපෝස්තලු පාවුල් එවැනි ප්‍රතික්ෂේප කිරීම්වලට මුහුණ දුන් කෙනෙකි. පරිසිවරයෙකු සහ රබ්බිවරයෙකු ලෙස පුහුණුව ලැබූ ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වූයේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස්වහන්සේව හමු වූ විටය. ක්‍රිස්තුස්වහන්සේව විශ්වාස කරන අයට පීඩා කිරීමට පාවුල් දමස්කය වෙත ගමන් කරමින් සිටියේය (ක්‍රියා 9). ඔහුගේ පරිවර්තනයෙන් පසු, තමාගේම ජනතාව විසින් ඔහුව ප්‍රතික්ෂේප කරන බව ඔහු දැන ගත්තේය. 2 කොරින්ති ලෙස අප දන්නා ඔහුගේ ලිපියේ, පාවුල් ඔවුන්ගේ දෑතින් ඔහු මුහුණ දුන් කරදර කිහිපයක් සමාලෝචනය කළේය, ඒවා අතර “පහරදීම්” සහ “සිරගත කිරීම්” (6:5) තිබුණි.

එවැනි ප්‍රතික්ෂේප කිරීම්වලට කෝපයෙන් හෝ තිත්තකමකින් ප්‍රතිචාර දැක්වීමට වඩා පාවුල් ආශා කළේ ඔවුන්ද යේසුස්වහන්සේව දැන හඳුනා ගැනීමයි. එම දැඩි ආශාව එතුමා ප්‍රකාශ කළේ මෙසේය: “මට බලවත් ශෝකයද හර්දයෙහි නිරන්තර වේදනාවද තිබේ. මාංසාකාරයෙන් මාගේ නෑයන් වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාප ලද්දෙක් වෙන්ට පුලුවන් නම් ඊටත් කැමති වෙමි” (රෝම 9.1 සහ 3 ).

දෙවියන්වහන්සේ අපව උන්වහන්සේගේ පවුලට පිළිගෙන ඇති හෙයින්, අපගේ විරුද්ධවාදීන්ට පවා උන්වහන්සේ සමඟ සම්බන්ධ වීමට ආරාධනා කිරීමට උන්වහන්සේ අපට හැකියාව ලබා දෙන සේක්වා.