කුඩා බටහිර අප්‍රිකානු නගරයකට ආගන්තුකයෙකු ලෙස, මගේ ඇමරිකානු දේවගැතිතුමා ඉරිදා උදෑසන 10 ට නියමිත වූ දේව මෙහෙය සඳහා නියමිත වේලාවට පැමිණීමට වග බලා ගත්තේය. කෙසේ වෙතත්, අඩුපාඩු සහිත කුඩා ගොඩනැගිල්ල හිස් බව ඔහු දුටුවේය. එබැවින් ඔහු බලා සිටියේය. පැයක්. පැය දෙකක්. අවසානයේදී දහවල් 12.30 ට පමණ, ප්‍රදේශයේ දේවගැතිතුමා දීර්ඝ පා ගමනකින් පසු එහි පැමිණි විට, ගායනා කණ්ඩායමේ සාමාජිකයින් සුළු පිරිසක් සහ මිත්‍රශීලී නගර වැසියන් සමහරෙක් ද පැමිණියහ. මගේ දේවගැතිතුමා පසුව පැවසූ පරිදි “පූර්ණ වේලාවෙන් දේව මෙහෙය ආරම්භ විය. ආත්මයාණන්වහන්සේ අපව පිළිගත් අතර දෙවියන්වහන්සේ ප්‍රමාද නොවීය.” මගේ දේවගැතිතුමා මෙහි සංස්කෘතිය වෙනස් බව තේරුම් ගත් අතර එයට හොඳ හේතු ද තිබුණි.

කාලය සාපේක්ෂ බව පෙනුණත්, දෙවියන්වහන්සේ පරිපූර්ණයි, “නියමිත වේලාවේ ස්වභාවය” ශුද්ධ ලියවිල්ල පුරා තහවුරු කර ඇත. මේ අනුව, ලාසරුස් අසනීප වී මිය ගිය පසු, යේසුස්වහන්සේ පැමිණියේ දින හතරකට පසුවයි. ඒ අවස්ථාවේදී ලාසරුස්ගේ සහෝදරියන් උන්වහන්සේගෙන් “ඇයි” කියා ඇසීය. “ස්වාමීනි,” යැයි මාර්තා යේසුස්වහන්සේට ආමන්ත්‍රණය කරමින්, “ඔබ මෙහි සිටිසේක්නම් මාගේ සහෝදරයා නොමැරෙයි” කියා පැවසුවාය (යොහන් 11:21). අපගේ ගැටලු විසඳීමට දෙවියන්වහන්සේ ඉක්මන් නොවන්නේ මන්දැයි කල්පනා කරන විට අපටද එසේම සිතිය හැකිය. ඒ වෙනුවට උන්වහන්සේගේ පිළිතුරු සහ බලය සඳහා ඇදහිල්ලෙන් බලා සිටීම වඩාත් යෝග්‍යය.

දේවධර්මාචාර්ය හවර්ඞ් තෘමන් ලියා ඇති පරිදි, “අපගේ පියාණෙනි, ඔබවහන්සේගේ ශක්තියෙන් යමක් අපගේ ශක්තිය බවට පත් වන තුරු, ඔබවහන්සේගේ හදවතේ යමක් අපගේ හදවත බවට පත් වන තුරු, ඔබවහන්සේගේ සමාව දීමෙන් යමක් අපගේ සමාව බවට පත් වන තුරු අවසානය දක්වා අපි බලා සිටින්නෙමු. අපි බලා සිටින්නෙමු, දෙවියන්වහන්ස, අපි බලා සිටින්නෙමු”. එවිට, දෙවියන්වහන්සේ ප්‍රතිචාරය දක්වන විට, ලාසරුස් හා සමග අපටද ආශ්චර්යමත් ලෙස ආශීර්වාද ප්‍රමාදයකින් තොරව ලබා ගත හැකිය.