මම පීඨයේ සාමාජිකයෙකු ලෙස සේවය කළ කාලයේ ලේඛන සම්මන්ත්‍රණයක් අතරතුර, කාඩ්පතේ පිටුපස අතින් ලියන ලද යාච්ඤාවක් සහිත තැපැල් කාඩ්පතක් ටැමි මට ලබා දුන්නාය. ඇය පීඨයේ චරිතාපදාන කියවූ බවත්, සෑම කාඩ්පතකම නිශ්චිත යාච්ඤාවක් ලියා, ඒවා අප වෙත ලබා දෙන විට යාච්ඤා කළ බවත් ඇය පැහැදිලි කළාය. ඇගේ පෞද්ගලික පණිවිඩයේ විස්තර ගැන විස්මයට පත් වූ මම, ටැමිගේ හැසිරීම හරහා මා දිරිමත් කිරීම ගැන දෙවියන්වහන්සේට ස්තුති කළෙමි. පසුව මා ඇය වෙනුවෙන්ද යාච්ඤා කළාය. සම්මන්ත්‍රණය අතරතුර මම වේදනාවෙන් හා තෙහෙට්ටුවෙන් පෙළෙන විට, මම තැපැල් පත එළියට ගන්නෙමි. මම ටැමිගේ සටහන නැවත කියවන විට දෙවියන්වහන්සේ මගේ ආත්මය ප්‍රබෝධමත් කළ සේක.

අපෝස්තලු පාවුල් අන්‍යයන් සඳහා කරන යාච්ඤාවේ ජීවය තහවුරු කරන බලපෑම හඳුනා ගත්තේය. ඔහු, ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේ “ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධව” සටනට සූදානම් වන ලෙසයි (එපීස 6:12). ඔහු අඛණ්ඩ සහ නිශ්චිත යාච්ඤාවන් දිරිමත් කළ අතර, අප මැදිහත් යාච්ඤාව ලෙස හඳුන්වන එකිනෙකා වෙනුවෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය. තමා වෙනුවෙන්ද නිර්භීත යාච්ඤා ඔහු ඉල්ලා සිටියේ මෙසේය: “යම් ශුභාරංචියක් නිසා මම තානාපතියෙක්ව බැඳුම ලැබ සිටිම්ද, ඒ ශුභාරංචියේ රහස දැන්වීමට භය නැතුව මාගේ මුඛය අරින ලෙස කතාවේ බලය මට ලැබෙන පිණිසත්, … මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න” (19-20 පදය).

අපි එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ අපව සනසන අතර අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කරයි. අපට උන්වහන්සේ සහ එකිනෙකා අවශ්‍ය බවත්, නිහඬ යාච්ඤා, හඬ නගා කරන යාච්ඤා, හෝ යාච්ඤා කාඩ්පතක ලියා ඇති සෑම යාච්ඤාවක්ම උන්වහන්සේ අසන බවත් සහතික කරමින්, උන්වහන්සේගේ පරිපූර්ණ කැමැත්තට අනුව පිළිතුරු දෙන බව උන්වහන්සේ තහවුරු කරන සේක.