සාරාට වයස අවුරුදු දාහතරේදී ඇගේ මව අහිමි විය. එයින් පසුව ඇයට සහ ඇගේ සහෝදර සහෝදරියන්ට ඔවුන්ගේ නිවස අහිමි වූ අතර නිවසක් නොමැතිව අසරණ විය. වසර ගණනාවකට පසු, සාරාට අවශ්‍ය වූයේ තම අනාගත දරුවන්ට පරම්පරාවෙන් පරම්පරාවට පවරා දිය හැකි උරුමයක් ලබා දීමටයි. ඇයට කිසිදා නොතිබූ ස්ථාවර නිවසක් ඇයගේ පවුලට ලබා දෙනු වස් ඇය වෙහෙස මහන්සි වී වැඩ කළාය.

අනාගත පරම්පරාව සඳහා නිවසකට ආයෝජනය කිරීම ඔබ තවමත් නොදකින අනාගතයක් කෙරෙහි වන ඇදහිල්ලේ ක්‍රියාවකි. බැබිලෝනිවරුන් විසින් යෙරුසලම ප්‍රචණ්ඩකාරී ලෙස වටලෑමට මොහොතකට පෙර ඉඩම් මිළදී ගන්නා ලෙස දෙවියන්වහන්සේ අනාගතවක්තෘ යෙරෙමියාට කීවේය (යෙරෙමියා 32:6-12). අනාගතවක්තෘ වරයාට, දෙවියන්වහන්සේගේ උපදෙස් කෙසේවත් අර්ථවත් වුයේ නැත. ළඟදීම ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කරනු ඇත.

නමුත් දෙවියන්වහන්සේ යෙරෙමියාට මෙම පොරොන්දුව දුන් සේක: “මා විසින් මේ සෙනඟ පිටට මහත්වූ මේ මුළු විපත්තිය පමුණුවා තිබෙන්නාක්මෙන් මම ඔවුන්ට පොරොන්දුවූ මුළු යහපතත් ඔවුන් පිටට පමුණුවන්නෙමි” (42 පදය). අනාගතවක්තෘවරයා දේපල සඳහා ආයෝජනය කිරීම ඊශ්‍රායෙල්වරුන්ව ඔවුන්ගේ මව්බිමට කවදා හෝ ගෙන ඒමට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකමේ භෞතික ලකුණකි. දරුණු ප්‍රහාරයක් මධ්‍යයේ වුවද, දෙවියන්වහන්සේ තම සෙනඟට නැවත සාමය පැමිණෙන බවට පොරොන්දු විය – එනම්, නිවාස සහ දේපළ නැවත මිල දී ගෙන විකුණනු ඇත (43-44 පද).

අද දින, අපට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම කෙරෙහි විශ්වාසය තබා “ආයෝජනය” ඇදහිල්ලෙන් කිරීමට තෝරාගත හැක. සෑම තත්ත්වයකම භූමික ප්‍රතිෂ්ඨාපනයක් අපට නොපෙණුනත්, උන්වහන්සේ කවදා හෝ සියල්ල නිවැරදි කරන බවට අපට සහතිකයක් ඇත.