මම නිතරම දුකෙන් පීඩාවෙන් පෙළෙන කෙනෙක්මි. උදේ පාන්දර යහපත් නොවන්නේ මා මගේ සිතුවිලි සමඟ තනිව සිටින බැවිනි. එබැවින් මම හඩ්සන් ටේලර්ගේ මෙම උපුටා ගත් ලියවිල්ල මගේ නාන කාමර කණ්ණාඩියේ ඇලෙව්වෙමි, එහිදී මට අවදානමක් ඇති බව හැඟෙන විට මට එය දැකිය හැකිය: “ජීවමාන දෙවි කෙනෙක් ඇත. උන්වහන්සේ බයිබලයෙන් කතා කර ඇත. උන්වහන්සේ අදහස් කරන දේ කියන සේක. උන්වහන්සේ පොරොන්දු වූ සියල්ල ඉටු කරන සේක.”

ටේලර්ගේ වචන පැමිණියේ වසර ගණනාවක් දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමෙන් වන අතර උන්වහන්සේ කවුරුන්ද යන්න සහ අපගේ අසනීප, දිළිඳුකම, තනිකම සහ ශෝකය තුළ උන්වහන්සේට කළ හැකි සියල්ල අපට මතක් කර දෙයි. දෙවියන්වහන්සේ විශ්වාසවන්ත බව ඔහු හුදෙක් අත්වින්දා පමණක් නොව – ඔහු උන්වහන්සේගේ විශ්වාසවන්තභාවය දැන ගෙන සිටියේය. ඔහු දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කළ නිසා සහ උන්වහන්සේට කීකරු වූ නිසාත් චීන ජාතිකයන් දහස් ගණනක් යේසුස්වහන්සේට තම ජීවිතය භාර දුන්නෝය.
දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ මාර්ග අත්දැකීමෙන් උන්වහන්සේ විශ්වාසවන්ත බව දාවිත්ට දැන ගැනීමට ඒවා උපකාර විය. උන්වහන්සේ යහපත්, දයානුකම්පිත සහ උන්වහන්සේගේ සියලු පොරොන්දු වලට විශ්වාසවන්තව සිටීම ගැන අත්දැකීම් තිබු දාවිත්, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන ගීතාවලිය 145 ලීවේය. අපි දෙවියන්වහන්සේව විශ්වාස කර අනුගමනය කරන විට, උන්වහන්සේ කවුරුන්දැයි පවසන තැනන්වහන්සේ උන්වහන්සේ බවත්, උන්වහන්සේ, තමන්වහන්සේගේ වචනයට විශ්වාසවන්ත බවත් අපට වැටහේ. තවද, දාවිත් මෙන්, අපිත් ප්‍රතිචාර දක්වන්නේ උන්වහන්සේට ප්‍රශංසා කිරීමෙන් සහ උන්වහන්සේ ගැන අන් අයට පැවසීමෙනි (10-12 පද).

අප කනස්සල්ලට පත්වන අවස්ථාවන්ට මුහුණ දෙන විට, දෙවියන්වහන්සේ විශ්වාස කළ හැකි බැවින්, උන්වහන්සේ සමඟ අපගේ ගමනෙහි නොසැලී සිටීමට උන්වහන්සේට අපට උපකාර කළ හැකි වන සේක (හෙබ්‍රෙව් 10. 23).