පුවත්පත ප්‍රකාශ කළේ පෙප් නමැති සුනඛයා, ආණ්ඩුකාරවරයාගේ බිරිඳට අයත් බළලා මැරූ බවයි. නමුත් ඌ එය නොකළේය. සුනඛයා වැරැද්දක් ලෙස කළේ ආණ්ඩුකාර මන්දිරයේ කවිච්චිය හපන එක පමණි.

පෙප් යනු 1920 ගණන් වලදී ඇමෙරිකාවේහි පෙන්සිල්වේනියාවේ ආණ්ඩුකාර ගිෆර්ඩ් පින්චොට්ට අයත්ව සිටි තරුණ ලැබ්‍රඩෝ රිට්රීවර් වර්ගයේ සුනඛයෙකි. මෙම සුනඛයාව ඇත්ත වශයෙන්ම නැගෙනහිර ප්‍රාන්ත චරිතශෝධනාගාරයට යවන ලද අතර එහිදී ඌව සිරකරු හැඳුනුම් අංකයකින් හදුන්වනු ලැබීය. එය ගැන ඇසූ පුවත්පතක වාර්තාකරුවෙක් “බළල් කතාව” සෑදුවේය. ඔහුගේ වාර්තාව පුවත්පතේ පළ වූ නිසා බොහෝ දෙනෙක් විශ්වාස කළේ පෙප් ඇත්තටම බළල් ඝාතකයෙක් බවයි.

ඉශ්‍රායෙල්හි සාලමොන් රජු වැරදි තොරතුරුවල බලය හොඳින් දැන සිටියේය. ඔහු මෙසේ ලිවීය: “කේලම් කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැස යයි” (හිතෝපදේශ 18:8). සමහර විට අපගේ වැටුණු මනුෂ්‍ය ස්වභාවය අන් අය ගැන සත්‍ය නොවන දේවල් විශ්වාස කිරීමට අප තුළ අසාවක් ඇති කරයි.

එහෙත් අන් අය අප ගැන අසත්‍ය විශ්වාස කරන විට පවා, දෙවියන්වහන්සේට අපව යහපත සඳහා යොදා ගත හැකිය. ඇත්ත වශයෙන්ම, ආණ්ඩුකාරවරයා පෙප්ව සිරගෙයට යැව්වේ ඌ එහි සිටින රැඳවියන්ගේ (අනෙක් සුනඛයන්ගේ) මිතුරෙකු වීමටය – ඌ පුරෝගාමී චිකිත්සක සුනඛයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය.

අන් අය කුමක් කීවත් සිතුවත් අපගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේගේ අරමුණු තවමත් පවතින සේක. අන් අය අප ගැන ඕපාදූප කියන විට, උන්වහන්සේගේ මතය සහ උන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය – වඩාත්ම වැදගත් බව මතක තබා ගන්න.