“කූඩාරමට මහන්සියි!” ඒ, කෙන්යාවේ නයිරෝබි නගරයේ දේවස්ථානයක සභාපාලකයෙක් වන මගේ මිත්‍ර පෝල්ගේ වචනයි. 2015 සිට, සභාව කූඩාරමක් වැනි ව්‍යූහයක නමස්කාර කර ඇත. දැන්, පෝල් මෙසේ ලියයි, “අපේ කූඩාරම අබලන් වී ඇත, වැසි වැටෙන විට එය කාන්දු වේ.”

ඔවුන්ගේ කූඩාරමේ ව්‍යුහාත්මක දුර්වලතා ගැන මගේ මිත්‍රයාගේ වචන අපට මතක් කර දෙන්නේ අපගේ මනුෂ්‍ය පැවැත්මේ දුර්වලකම ගැන අපෝස්තුළු පාවුල්ගේ වචනයි. “අපේ පිටත මනුෂ්‍යයා ක්ෂය වෙන නුමුත් …… මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව” (2 කොරින්ති 4:16; 5:4). අපගේ බිඳෙන සුලු මිනිස් පැවැත්ම පිළිබඳ දැනුවත්භාවය ජීවිතයේ මුල් අවධියේදී සිදු වුවද, අප වයසට යත්ම එය වඩාත් අවබෝධ වේ. ඇත්ත වශයෙන්ම, කාලය අපගේ ශරීරය සොරා ගන්නේය. යෞවනයේ ජීව ශක්තිය වයසට යාමේ යථාර්ථයට අකමැත්තෙන් යටත් වේ (දේශනාකාරයා 12:1-7 බලන්න). අපගේ ශරීරය – නොහොත් අපගේ කූඩාරම් – වෙහෙසට පත් වේ.

නමුත් විඩාපත් කූඩාරම් විඩාපත් විශ්වාසයට සමාන නොවිය යුතුය. අප වයසට යන විට බලාපොරොත්තුව සහ හදවත මැකී යා යුතු නැත. “එහෙයින් අපි ක්ලාන්ත නොවමුව” යයි අපෝස්තලු වරයා පවසයි (2 කොරින්ති 4:16). අපගේ ශරීර සෑදූ තැනැන්වහන්සේ ස්වකීය ආත්මයාණන් කරණකොටගෙන අපගේ ශරීර උන්වහන්සේගේ නිවස බවට පත් කරමින් එහි වැඩ සිටින සේක. එසේම මෙම ශරීරයට තවදුරටත් අපට සේවය කළ නොහැකි වූ විට, අපට කැඩීම් බිඳීම් හා වේදනාවන්ට යටත් නොවන වාසස්ථානයක් ලැබෙනු ඇත – එනම්, අපට “දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව” (5:1).