සහෝදරයන් දෙදෙනෙකු දරුකමට හදා ගැනීමෙන් වෙන් වූ පසුව ඔවුන් නැවත එක් කිරීමට වසර විස්සකට පමණ පසු ජාන පරීක්ෂණයක් උපකාරී විය. තමන්ගේ සහෝදරයා යැයි විශ්වාස කළ වින්සන්ට් නම්වූ පුද්ගලයාට කීරොන් විසින් කෙටි පණිවිඩයක් යැවූ විට, වින්සන්ට් සිතුවේ, මේ ආගන්තුකයා කවුද? කියාය. උපතේදී ඔහුට දුන් නම කුමක්දැයි කීරොන් ඔහුගෙන් ඇසූ විට, ඔහු විගසින්ම පිළිතුරු දුන්නේ, “ටයිලර්” යනුවෙනි. එවිට ඔහු ඔවුන් සහෝදරයන් බව දැනගත්තේය. ඔහුගේ නමින් ඔහුව හඳුනාගෙන ඇත!

පාස්කු කතාවේ ‘නමක්’ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ආකාරය සලකා බලන්න. මෙම කථාව දිග හැරෙන්නේ මග්දලායේ මරියා ක්‍රිස්තුස්වහන්සේගේ සොහොන් ගෙය වෙත පැමිණ, උන්වහන්සේගේ සිරුර නැති වී ඇති බව දැක හඬන සිද්ධියෙනි. “ස්ත්‍රිය, නුඹ මක්නිසා හඬනවාද?” කියා යේසුස්වහන්සේ ඇයගෙන් අසන සේක (යොහන් 20:15). කෙසේ වෙතත්, උන්වහන්සේ ඇයට “මරියා” කියා නමින් කතා කරන තුරු ඇය උන්වහන්සේව හඳුනා ගත්තේ නැත (16 පදය).

උන්වහන්සේ එය පවසනු ඇසූ ඇය, හෙබ්‍රෙව් භාෂාවෙන්: “රබ්බෝනි” කියා උන්වහන්සේට කීවාය; එහි අර්ථය නම් “ආචාරිනි” යනුයි (16 පදය). අපගේ උත්ථාන වූ ක්‍රිස්තුස්වහන්සේ අප සෑම කෙනෙකුම උන්වහන්සේගේ දරුවන් ලෙස හඳුන්වමින්, සියල්ලන් උදෙසා මරණය ජයගත් පාස්කු දින උදෑසන යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ට දැනෙන ප්‍රීතිය ඇගේ ප්‍රතිචාරය ප්‍රකාශ කළාය. උන්වහන්සේ මරියාට පැවසූවේ, “මම මාගේ පියාණන්වහන්සේ හා නුඹලාගේ පියාණන්වහන්සේද මාගේ දෙවියන්වහන්සේ හා නුඹලාගේ දෙවියන්වහන්සේද වෙතට නගිමියි” (17 පදය) යනුවෙනි.

ඇමෙරිකාවේ ජෝර්ජියාවේදී, නමින් බැඳී නැවත එක් වූ සහෝදරයන් දෙදෙනා, “තම සම්බන්ධතාවය වඩා ගැඹුරට” ගෙන යාමට පොරොන්දු වූහ. පාස්කු දිනයේදී, උන්වහන්සේ තමාගේම යැයි දන්නා අය වෙනුවෙන් පරිත්‍යාගශීලී ප්‍රේමයෙන් නැගී සිටීමට දැනටමත් උපරිම පියවර ගෙන තිබෙන හෙයින් අපි යේසුස්වහන්සේට ප්‍රශංසා කරන්නෙමු, ඔබ සහ මට, ඇත්තෙන්ම, උන්වහන්සේ ජීවමානයි!