ඔහුගේ කටහඬට බලපෑ තුවාලයක් නිසා සභා පාලක බොබ් වසර පහළොවක විසාදියකින් සහ අර්බූදයකින් පොර බැදීය. කථා කරන්න බැරි සභා පාලක කෙනෙක් කරන්නේ කුමක්ද කියා ඔහු කල්පනා කළේය. එම ප්‍රශ්නය සමග ඔහු පොර බැදුවේය. ඔහුගේ ව්‍යාකූලතාවය සහ දුක දෙවියන්වහන්සේ ඉදිරියෙහි වැගුරුවේය. ඔහු ආවර්ජනය කළේ “මම දැන සිටියේ එක දෙයකි. ඒ දෙවියන්වහන්සේගේ වචනය පසුපස යාමයි” යනුවෙනි. ඔහු බයිබලය කියවීමට කාලය යොදන විට දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුගේ ප්‍රේමය වර්ධනය විය. “දේව වචනය උරා ගැනීමට සහ එහි කිමිදීමට මම කැපවී සිටිමි. ඒ ඇදහිල්ල පැමිණෙන්නේ ඇසීමෙන් සහ දේව වචනය ඇසීමෙන් වන හෙයිනි” යනුවෙන් ඔහු කීවේය.

“ඇසීමෙන් ඇදහිල්ල” පැමිණේය යන වැකි කඩ අපට හමුවන්නේ අපෝස්තලු පාවුල් රෝමවරුන්ට ලියූ ලිපියේය. ඔහුගේ සියලුම හවුල් යුදෙව් සෙනග ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර ගැළවීම ලබා ගැනීම පාවුල් ආශා කළේය (රෝම 10:9). ඔවුහු විශ්වාස කළ යුත්තේ කෙසේද? “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය” ඇසීමෙන් පැමිණෙන ඇදහිල්ල මගිනි (17 පදය).

සභා පාලක බොබ් විශේෂයෙන් බයිබලය කියවද්දී ක්‍රිස්තුස්වහන්සේගේ පණිවුඩය ලබා ගෙන විශ්වාස කිරීම සොයන්නේය. ඔහුට කථා කළ හැක්කේ දිනකට පැයක් පමණි. එයත් අඛණ්ඩ වේදනාවක් සහිතවය. නමුත් ඔහු දිගටම දෙවියන්වහන්සේගෙන් සාමය සහ තෘප්තිය ලබාගන්නේ දේව වචනය තුළ පෙඟෙන විටදීය. ඒ හෙයින් අපගේ පොර බැදීම් වලදීද යේසුස්වහන්සේ අපට උන්වහන්සේව එළිදරව් කරනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. අපි කුමන අභියෝගයකට මුහුණ දුන්නත් උන්වහන්සේගේ පණිවුඩය අසන විට උන්වහන්සේ අපගේ ඇදහිල්ල වර්ධනය කරන සේක.