ඬේවිඞ් විල්ස් වෝටර්ස්ටෝන් පොත් හළේ ඉහළ මාලයේ සිටියේය. ඔහු පහළ මාලයට එන විට දොරවල් වල අගුලු දමා විදුලි පහන් නිවා දමා තිබුණි. ඔහු පොත් හළ තුළ සිරවී සිටියේය. කිසිවක් කර කියා ගත නොහැකිව ඔහු ට්විටර් පණිවුඩයක් යැවීය. “හායි වෝටර්ස්ටෝන්ස්, ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ ඇති ඔබගේ පොත් හළේ මම පැය දෙකක කාලයක් සිරවී සිටිමි. මාව පිටතට ගන්න”. ඔහුගේ පණිවුඩයෙන් ටික වේලාවකින් ඔහුව නිදහස් කෙරුණි.

අප කරදරයක සිටිනා විට උපකාර ගැනීමට මාර්ගයක් තිබීම යහපත්ය. අපම සාදා ගත් කරදරයක අප පැටළී සිටින විට අපගේ මොර ගැසීමට පිළතුරු දෙන කෙනෙක් සිටින බව යෙසායා කියයි. තම ආගමික භක්තිය වගකීිමකින් තොරව භාවිතා කිරීම ගැන දෙවියන්වහන්සේ තම සෙනගට චෝදනා කර ඇතැයි යෙසායා පවසයි. ඔවුහු තම ආගමික වැඩ කටයුතු පුරුද්දට කළද ඔවුන් දුගීන්ට දුන් පීඩනයේ හිස් බව තමන්ටම කර ගත් චාරිත්‍රවාරිත්‍ර වලින් වසා ගත් බව අනාගතවක්තෘ කියා පායි (යෙසායා 58:1-7). මෙයට දිව්‍යමය ප්‍රසාදය නොලැබුණි. දෙවියන්වහන්සේ තම ඇස් වසා ගෙන ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු නොදී සිටිය සේක (1:15). උන්වහන්සේ ඔවුන්ට කීවේ පසුතැවිලි වී අන් අයට සැළකීම පිටස්තරව පෙනෙන පරිදි කරන ලෙසටය (58:6-7). ඔවුන් එසේ කළහොත් උන්වහන්සේ ඔවුන්ට පැවසුවේ : “එවිට නුඹ යාච්ඤා කරන්නෙහිය. ස්වාමින්වහන්සේ උත්තර දෙන සේක. නුඹ මොරගසන කල්හි මම මෙහියයි උන්වහන්සේ කියන සේක. නුඹ වියගහද ඇඟිල්ල දික් කිරීමද දුෂ්ඨ ලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්….” යනුවෙනි (9 පදය).

“මම මෙහිය” කියමින් අපි දුගීන්ට සමීප වෙමු. මක්නිසාද දෙවියන්වහන්සේ අපගේ මොරගැසීම අසා “මම මෙහිය” කියා අපට පවසන හෙයිනි.