1982 දී සභා පාලක ක්‍රිස්ටියන් ෆ්හර් ලිප්සිග්හී ශාන්ත නිකලස් සභාවේ සඳුදා උදෑසන යාච්ඤා රැස්වීම ආරම්භ කළේය. ගෝලීය බලහත්කාරය සහ නැගෙනහිර ජර්මන් රජය යටතෙහි තිබූ පීඩනය මධ්‍යයෙහි දෙවියන්වහන්සේගෙන් සමාදානය ඉල්ලා සිටීමට වසර ගණනාවක් රැස්වූයේ ඉතා ස්වල්ප දෙනෙකි. කොමියුනිස්ට් අධිකාරීන් සභාවන් දෙස සමීපව බලා සිටියද සභාවට පැමිණීම විශාල වී සභාවේ ගේට්ටුවෙන් පිටත යන තරම් සෙනග එකතු වී මහා රැස්වීමක් වන තුරු කොමියුනිස්ට් වාදීන් සැළකිල්ලක් නොදැක්වූහ. 1989 ඔක්තෝබර් 9 වන දින උද්ඝෝෂකයින් හැත්තෑ දහසක් එකතු වී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූහ. නැගෙනහිර ජර්මන් පොලිස් භටයන් හයදහසක් ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වේ යැයි සීරුවෙන් සිටියහ. සෙනග සාමකාමීව සිටියහ. කෙසේ වෙතත් ඉතිහාසඥයින් මෙය හැරවුම් ලක්‍ෂයක් ලෙස සැළකූහ. වසරකට පසු බර්ලින් තාප්පය බිඳ වැටුණි. මෙම දැවැන්ත වෙනස්වීම ආරම්භ වූයේ යාච්ඤා රැස්වීමකිනි.

අපි දෙවියන්වහන්සේ වෙත හැරී උන්වහන්සේගේ ප්‍රඥාව සහ ශක්තිය මත යැපෙන විට කාරණා සසලවී හැඩ ගැසීම ආරම්භ වන්නේය. ඉශ්‍රායෙල් මෙන් අපිත් “විපතේදී ස්වාමින්ට මොර ගසන විට” අපගේ අති දරුණු තත්ත්වයන් හා අපගේ බොහෝ දැඩි ප්‍රශ්නවලට පවා දෙවියන්වහන්සේටම පමණක් පිළිතුරු දිය හැකි බව අපි සොයා ගන්නෙමු (ගීතාවලිය 107:28). දෙවියන්වහන්සේ “කුණාටු සන්සිඳවන සේක”. “කාන්තාරය දිය පොකුණක්ද” කරන සේක (29 සහ 35 පද). අප යාච්ඤා කරන තැනන්වහන්සේ බලාපොරොත්තු නැති තැන බලාපොරොත්තුවක්ද විනාශයෙන් අලංකාරයක්ද මතු කරන සේක.

නමුත් වෙනස් කිරීම කරනු ලබන්නේ දෙවියන්වහන්සේය (උන්වහන්සේගේ වෙලාවේදී මිස අපේ වෙලාවේදී නොවේ). යාච්ඤාව යනු උන්වහන්සේ විසින් කරනු ලබන වෙනස්වීමේ කාර්යයට අප සහභාගී වන ආකාරයයි.