“මම වැඩකට නැතැයි කියා මට සිතෙනවා” හැරල්ඩ් කීවේය. “වැන්දඹු මම විශ්‍රාම ගෙන සිටිමි. දරුවෝ ඔවුන්ගේ පවුල් සමග කාර්යය බහුලව සිටිති. මම නිසල සන්ධ්‍යාවන් වල තාප්ප වල සෙවනැලි බලමින් සිටිමි”. ඔහු නිතරම තම දියණියට කීවේ “මම දැන් වයස්ගතව සිටිමි. සම්පූර්ණ ජීවිතයක් ගත කළෙමි. මට තවදුරටත් අරමුණක් නොමැත. ඕනෑම වෙලාවක දෙවියන්වහන්සේට මාව අර ගත හැකිය” යනුවෙනි.

එක් දවාලක සිදුවූ සාකච්ඡාවක් හැරල්ඩ්ගේ මනස වෙනස් කළේය. “මගේ අසල්වැසියාට ඔහුගේ දරුවන්ගෙන් කරදර තිබුණි. එම නිසා මම ඔහු ගැන යාච්ඤා කළෙමි” කියා හැරල්ඩ් කීවේය. “පසුව මම ඔහු සමග ශුභාරංචිය බෙදා ගත්තෙමි. මට තවමත් අරමුණක් ඇති බව මට එවෙලේ දැණුනි. යේසුස්වහන්සේ ගැන අසා නැති සෙනග ඉන්නා තාක් කල් මම ඔවුන්ට ගැළවුම්කරුවාණන් ගැන කිව යුතුයි”.

තම ඇදහිල්ල බෙදා ගනිමින් සාමාන්‍ය දෛනික දෙයකට ශුභාරංචිය බෙදා ගනිමින් හැරල්ඩ් ප්‍රතිචාර දැක්වූ අතර ඔහුගේ අසල්වැසියාගේ ජීවිතය වෙනස් විය. 2 තිමෝති 1 හි තව කෙනෙකුගේ ජීවිතය වෙනස් කිරීමට දෙවියන්වහන්සේ විසින් පාවිච්චි කළ කාන්තාවන් දෙදෙනෙක් ගැන අපෝස්තලු පාවුල් පවසයි. ඒ පාවුල්ගේ තරුණ හවුල් සේවකයා වූ තිමෝතියස්ගේය. එනම් තිමෝතිගේ ආච්චී වූ ලොයිස් සහ මව වූ එවුනිකී තුළ තිබූ “අවංක ඇදහිල්ල” ඔවුන් විසින් ඔහුටත් ලබා දී තිබුණි (5 පදය). සාමාන්‍ය පවුලක දෛනික කාරණා තුළින් තරුණ තිමෝති සත්‍ය වූ ඇදහිල්ල ඉගෙන ගත් අතර එය යේසුස්වහන්සේගේ විශ්වාසවන්ත ගෝලයෙක් දක්වා ඔහුව හැඩ ගැසීය. පසුව එපීස සභාවේ නායකයා ලෙසට ඔහුගේ සේවය පත් විය.

අපගේ වයස, පසුබිම සහ තත්ත්වයන් කෙසේ වූවත් අපට අරමුණක් තිබේ. ඒ යේසුස්වහන්සේ ගැන අන් අයට කීමය.