සරණාගත දරුවන්ගේ කථා අසා සසල වූ ෆිල් සහ සැන්ඩි ඔවුන්ගෙන් දෙදෙනෙකුට තම සිත් සහ නිවස විවර කළහ. ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපළින් ගත් පසු ඔව්හු බයාදුව නිවස වෙත නිශ්චලව රිය පැදවූහ. ඔවුහු මෙයට සුදානම්ද? ඔව්හු එකම සංස්කෘතිය, භාෂාව සහ ආගම බෙදා නොගත්හ. නමුත් මේ අගනා දරුවන්ට ඔවුහු සරණයක් වන සෙනග බවට පත් වී ඇත.

බෝවස් රූත්ගේ කථාවෙන් කම්පනයට පත් විය. නායෝමිට උදව් කිරීමට ඇය තම සෙනගගෙන් වෙන්වූ ආකාරය ඔහු අසා තිබුණි. රූත් කරල් ඇහිඳීමට ඔහුගේ කෙතට පැමිණි විට බෝවස් මෙම ආශිර්වාදය ඇය මතට යාච්ඤා කළේය : “ස්වාමින්වහන්සේ නුඹේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමින්වහන්සේගේ පියාපත් යටතේ ආරක්‍ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවා” (රූත් 2:12).

රූත් ඔහුගේ රාත්‍රී නින්දට බාධා කර බෝවස්ට ඔහුගේ ආශිර්වාදය සිහිපත් කළාය. ඔහුගේ පාද ළඟ චලයනයක් වූ නිසා අවදිවූ බෝවස් “නුඹ කව්ද?” කියා ඇසුවේය. රූත් පිළිතුරු දෙමින් “මම ඔබගේ මෙහෙකාරී වූ රූත්ය. එබැවින් ඔබගේ වස්ත්‍රය මෙහෙකාරී පිට අතුරනු මැනවි. මක්නිසාද ඔබ ළඟ නැයෙකැයි කීවාය” (රූත් 3:9).

හෙබ්‍රෙව් භාෂාවෙන් සළුවේ කොණට සහ අත්තටු වලට දැක්වෙන වචනය එකමය. බෝවස් රූත්ව විවාහ කර ගෙන ඇයට රැකවරණය දුන්නේය. ඔවුන්ගේ මුණුපුරාගේ මුණුපුරා වන දාවිත් ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරද්දී ඔවුන්ගේ කථාව දෝංකාර කළේය : “දෙවියන්වහන්ස, ඔබගේ කරුණා ගුණය කොපමණ අනර්ඝද? මනුෂ්‍ය පුත්‍රයෝ ඔබගේ පියාපත් සෙවණෙහි ආරක්‍ෂාව ලබති” (ගීතාවලිය 36:7).