“ආත්මාර්ථකාමී, මටම සේවය කර ගත්, මාවම ආරක්‍ෂා කර ගත් ජීවිතයක් මම ගෙවූ නිසා මම සතුටු වෙමි” කියා මිය යන්න පෙර කිසිවෙක් නොකී බව කර්තෘ පාකර් පාර්මර් පැවසුවේ උපාධි අපේක්‍ෂකයන්ට ආරම්භක දේශනයක් කරන විටදීය. උපාධිදාරීන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ “විවෘත හදවතකින් ත්‍යාගශිලීත්වය ලොවට බෙදා දෙන්න” කියාය.

පාකර් තවදුරත් පැවසුවේ එලෙස ජීවත්වීමේදී “ඔබ දන්නා තරම කෙතරම් අඩුද කියාත් අසමත් වීම කෙතරම් පහසුද කියාත් ඔබ ඉගෙන ගන්නවා ඇත” කියාය. ලොවට සේවය කිරීමට කැපවීම අවශ්‍ය වන්නේ “ඔබ නොදන්නා දෙයෙහි සෘජුව ගමන් කිරීම සහ නැවත නැවතත් අසමත් වීමේ අවදානම ගැනීමද නැවත නැවතත් නැගිට ඉගෙන ගැනීමද” යන “ආරම්භකයෙකුගේ මනස” වර්ධනය කර ගැනීමටය.

මෙවැනි භිය නැති “විවෘත හදවතකින් යුත් ත්‍යාගශිලිත්වය” අපට තෝරා ගත හැක්කේ අපගේ ජීවිත අනුග්‍රහයේ අත්තිවාරම මත ගොඩ නැගී ඇත්නම් පමණි. පාවුල් තම ගෝලයා වන තිමෝතිට පැහැදිළි කළ ලෙස අපට විශ්වාසයෙන් යුතුව පිබිදී (2 තිමෝති 1:6) ජීවිතයක අරමුණක් සඳහා අපව ගළවන්නේ සහ කැඳවන්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය බව සිහිපත් කර ගෙන දෙවියන්වහන්සේගේ දීමනාව තුළ අපට ජීවත් විය හැකිය. පරීක්‍ෂාවට විරුද්ධ වන්නත් බයාදුකම ආත්මයාණන්ගේ “බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයට” (7 පදය) මාරු කර ගෙන ජීවත් වීමටත් අපට ධෛර්යය ලබා දෙන්නේ උන්වහන්සේගේ බලයයි. අප වැටෙන විට අපව ඔසවන්නේ උන්වහන්සේගේ අනුග්‍රහයයි. ඒ අපගේ ජීවිත උන්වහන්සේගේ ප්‍රේමයෙහි පදනම් කර ගත් ජීවිත ගමනක් අඛණ්ඩව ගෙන යාමටයි (13-14 පද).