චිත්‍ර කලාව සහ ඇදහිල්ල මිශ්‍ර කරමින් “අ තිඔලොජි ඔෆ් මේකින්”, නොහොත් ”සෑදීමේ දේවධර්මයක්” නම්වූ ඔහුගේ අපූරු පොතේ, කීර්තිමත් චිත්‍ර ශිල්පී මකෝටෝ ෆුජිමුරා විසින් පැරණි ජපන් කලා ආකෘතියක් වන කින්ට්සුගි ගැන විස්තර කරයි. එහි දී, කලාකරුවා කැඩුණු පිඟන් භාණ්ඩ (මුලින් තේ භාණ්ඩ) ගෙන කැබලි ලැකර් සමඟ එකතු කර, එම භාණ්ඩය නැවතත් සාදනු ලබන්නේ ඉරිතැලීම් වලට රන් නූල් දමමිනි. චිත්‍ර ශිල්පී ෆුජිමුරා විසින් ”කින්ට්සුගි” කලාව ගැන පැහැදිලි කරන්නේ, ”කැඩුණු භාණ්ඩයක් ‘සවි කිරීම‘ හෝ අලුත්වැඩියා කිරීම ගැන පමණක් නොවේ; ඒ වෙනුවට, තාක්ෂණය මගින් කැඩුණු පිඟන් මැටි එකතු කරමින් මුල් නිර්මාණයට වඩා එය තවත් අලංකාර කරන බවයි. කින්ට්සුගි, සියවස් ගණනාවකට පෙර ක්‍රියාවට නැංවුයේ යුධ නායකයෙකුගේ ප්‍රියතම කුසලානය විනාශ වූ පසුව එය අලංකාර ලෙස ප්‍රතිෂ්ඨාපනය කළ විටදී ය. මෙම කලාව පසුව ඉතා වටිනා සහ කැමති කලාවක් බවට පත් විය.

යෙසායා විස්තර කරන්නේ දෙවියන්වහන්සේ මේ ආකාරයේ ප්‍රතිසංස්කරණයක් ලෝකය සමඟ කලාත්මක ලෙස ක්‍රියාත්මක කරන බවයි. අපි අපගේ කැරැලිකාරකමෙන් බිඳී අපගේ ආත්මාර්ථකාමීත්වයෙන් සුනුවිසුනු වී සිටියත්, දෙවියන්වහන්සේ විසින් ”අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි” කියා පොරොන්දු වන සේක (65:17). උන්වහන්සේ සැලසුම් කරන්නේ පැරණි ලෝකය අලුත්වැඩියා කිරීමට පමණක් නොව එය සම්පූර්ණයෙන්ම අලුත් කිරීමෙන්, අපගේ විනාශය ගෙන, නැවුම් සුන්දරත්වයෙන් බැබළෙන ලෝකයක් හැඩගැන්වීමටය. මෙම නව නිර්මාණය කෙතරම් විශ්මයජනක වනු ඇත්ද යත්, “පළමු දේ මතක් කරනු ලබන්නේවත් සිහි වෙන්නේවත් නැත” (17 පදය). මෙම නව මැවිල්ල සමඟ, දෙවියන්වහන්සේ අපගේ වැරදි වැසිීමට උත්සාහ නොකොට, ඒ වෙනුවට උන්වහන්සේගේ නිර්මාණ ශක්තිය එනම් අශෝභන දේ අලංකාර කරන සහ මළ දේ නැවත හුස්ම ගන්න සළස්වන ශක්තිය මුදා හරිනු ඇත.

අපගේ සුනුවිසුණු වූ ජීවිත අප සමීක්ෂණය කරන විට, බලාපොරොත්තු සුන්වීමක් අවශ්‍ය නැත. දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේ අලංකාර ප්‍රතිසංස්කරණය කරමින් සිටින සේක.