ඔහුගේ ස්මාරක ග්‍රන්ථය වන “ද ග්‍රේට් ඉන්ෆ්ලුවෙන්සා”හි , ජෝන් එම් බැරී, 1918 උණ වසංගතයේ කතාව විස්තර කරයි. සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂාවට හසු නොවී, දැවැන්ත ව්‍යසනයක් අපේක්ෂා කළ ආකාරය බැරී මහතා හෙළි කරයි. පළමු ලෝක සංග්‍රාමයේදී, ලක්ෂ සංඛ්‍යාත හමුදා භටයින් අගල්වල සිරවී දේශසීමා හරහා ගමන් කරමින් සිටි හෙයින් නව වෛරසයන් පතුරාවි කියා ඔවුහු බිය වූහ. නමුත් විනාශය නැවැත්වීමට තරම් මෙම දැනුම ප්‍රමාණවත් නොවීය. බලගතු නායකයන්, යුද බෙර වාදනය කරමින් ප්‍රචණ්ඩත්වය කරා දිව ගියහ. වසංගත රෝග විද්‍යාඥයන් ගණන් බලා ඇති පරිදි, මිලියන පනහක ජනතාවක් වසංගතයෙන් මිය ගිය අතර, යුද්ධයේ සංහාරයෙන් මියගිය මිලියන විස්සක් පමණත් එයට එකතු වේ.
අපව නපුරෙන් ගලවා ගැනීමට අපගේ මානව දැනුම කිසිදා ප්‍රමාණවත් නොවන බව අපි නැවත නැවතත් ඔප්පු කර ඇත්තෙමු (හිතෝපදේශ 4:14-16). අප අති මහත් දැනුමක් රැස් කර ගෙන විශිෂ්ට තීක්ෂණ බුද්ධියක් ඉදිරිපත් කර ඇතත්, අප එකිනෙකාට ඇති කරන වේදනාව අපට තවමත් නැවැත්විය නොහැක. නැවත නැවතත් “ගැඹුරු අන්ධකාරයට” මග පෙන්වන මෙම “දුෂ්ටයන්ගේ මාර්ගය” අපට නැවැත්විය නොහැක, අපට ඉතා හොඳ දැනුමක් තිබියදීත්, “තුමු (අප) කුමකින් පැකිලෙද්දැයි” (19 පදය) පිළිබඳව අපට සත්‍යයෙන්ම අදහසක් නැත.
එනිසා, අප විසින් “ප්‍රඥාව ලබා ගනින්න. නුවණ ලබා ගනින්න” (5 පදය) කළ යුතු වන්නේය. දැනුමෙන් කළ යුතු දේ ප්‍රඥාව අපට උගන්වයි. එමෙන්ම සැබෑ ප්‍රඥාව, මෙම ප්‍රඥාව අපට දැඩි ලෙස අවශ්‍ය වන අතර, එය අපට ලබා ගත හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණි. අපගේ දැනුම සෑම විටම හීන වන නමුත් උන්වහන්සේගේ ප්‍රඥාව අපට අවශ්‍ය දේ සපයයි.