මගේ බළලා මිකීට අක්ෂි ආසාදනයක් ඇති වූ විට, මම උගේ ඇස්වලට දිනපතා අක්ෂි බිංදු දැමුවෙමි. මම ඌව නානකාමර කවුන්ටරය මත තැබූ විගස, ඌ වාඩි වී, බියෙන් තැතිගත් දෑසින් මා දෙස බලා, මම දියර බිංදු දැමීමට සුදානම් වන විට කම්පනයෙන් බලා සිටියි. “හොඳ ළමයා,” කියා මම කොඳුරමි. මා කරන්නේ කුමක්දැයි ඌට නොතේරුණත්, ඌ කිසි විටෙකත් බිමට පැන්නේවත්, සූ – සූ ගෑමෙන් අප්‍රසාදය පෙන්වූවේවත්, මා සීරීමට උත්සහ කළේවත් නැත. ඒ වෙනුවට, ඌට වද දෙන පුද්ගලයා වන මගේ ඇඟට තදින් හේත්තු වී සිටින්නේය. මාව විශ්වාස කළ හැකි බව ඌ දැන සිටියේය.

දාවිත් ගීතාවලිය 9 ලියන විටත්, ඔහු දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ විශ්වාසවන්තකම බොහෝ සෙයින් අත්විඳ සිටින්න ඇති. ඔහු තම සතුරන්ගෙන් ආරක්ෂාව පතා දෙවියන්වහන්සේ වෙත හැරුණු අතර, දෙවියන්වහන්සේ ඔහු වෙනුවෙන් ක්‍රියා කළ සේක (3-6 පද). දාවිත්ට අවශ්‍ය වූ කාලවලදී, දෙවියන්වහන්සේ ඔහුව අමතක කළේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දාවිත් උන්වහන්සේ කවුරුන් වගේද කියා එනම්, උන්වහන්සේ බලවත්, ධර්මිෂ්ඨ, ප්‍රේමණීය සහ විශ්වාසවන්ත බව දැන ගත්තේය. ඒ නිසා දාවිත් උන්වහන්සේව විශ්වාස කළේය. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව ඔහු දැන සිටියේය.

මම මිකීව පාරේ බඩගින්නේ සිටින කුඩා පූස් පැටියෙකු ලෙස දුටු රාත්‍රියේ සිටම විවිධ රෝග තිබුණත් මිකීව හොඳින් බලා ගත්තෙමි. ඌට නොතේරෙන දේවල් කළත් ඌට මාව විශ්වාස කළ හැකි බව ඌ දනියි. ඒ හා සමානව, දෙවියන්වහන්සේ අපට විශ්වාසවන්තව සිටින විටද උන්වහන්සේ කුමක් කරන්නේදැයි නොදන්නා අවස්ථාවලදී පවා උන්වහන්සේගේ චරිතය අපට උන්වහන්සේව විශ්වාස කිරීමට උපකාර වන්නේය. ජීවිතයේ දුෂ්කර කාලවලදී අපි නොකඩවා දෙවියන්වහන්සේව විශ්වාස කරමු.