“මම ඔබට කෙසේ ප්‍රේම කරම්ද? මාර්ග මම ගණන් කෙරේවා!” එලිසබෙත් බැරට් බ්‍රවුනිංගේ “පෘතුගීිසි පද දහහතර” ඉංග්‍රීසි භාෂාවේ ඇති සුප්‍රසිද්ධ කවි පංතියකි. ඇය මෙම කවි විවාහයට පෙර බ්‍රවුනිංට ලියන ලදී. ඒවා ඔහුගේ සිත කෙතරම් ආකර්ශණය කර ගත්තේද යත් මුළු එකතුවම මුද්‍රණය කිරීමට ඔහු ඇයව දිරිගැන් වූයේය. නමුත් මෙම පද දහහතරේ භාෂාව ඉතා මෘදු වූ නිසා පුද්ගලීකත්වය රැක ගැනීම පිණිස බැරට් ඒවා පෘතුගීසි ලේඛකයෙක්ගේ පරිවර්තන ලෙසට මුද්‍රණය කරන ලදී.

සමහර විට අන් අයට විවෘතව ඇල්මක් දක්වන විට අපට ලැජ්ජාවක් ඇතිවේ. නමුත් බයිබලය සංසන්දනාත්මකව දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඉදිරිපත් කිරීමට පසුබට නොවේ. දෙවියන්වහන්සේගේ සෙනග කෙරෙහි වූ උන්වහන්සේගේ ඇල්ම පෙන්වීමට යෙරෙමියා මෙම මෘදු වචන භාවිතා කළේය : “සදාකාල ප්‍රේමයකින් නුඹට ප්‍රේම කළෙමි. එබැවින් දයාබර කමින් නුඹ ඇදගතිමි” (යෙරෙමියා 31:3). උන්වහන්සේගේ සෙනග උන්වහන්සේ වෙතින් ඉවත්ව ගියද ඔවුන්ව නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් පුද්ගලිකව ඔවුන්ව ඇද ගැනීමටත් උන්වහන්සේ පොරොන්දු වූ සේක. “මම ඉශ්‍රායලයට විශ්‍රාමය දීමට පැමිණෙන්නෙමි” කියා උන්වහන්සේ ඔවුන්ට කියන සේක.

යේසුස්වහන්සේ වෙත හැරෙන ඕනෑම කෙනෙකුට සමාදානය සහ විශ්‍රාමය දෙන දෙවියන්වහන්සේගේ ප්‍රතිෂ්ඨාපිත ප්‍රේමයේ පරම ප්‍රකාශය වන්නේ යේසුස්වහන්සේය. නොමග ගිය ලෝකය තමන්වහන්සේ වෙත ඇද ගැනීමේ දෙවියන්වහන්සේගේ ආශාවේ සංකේතය වන්නේ ගවඔරුවෙන් කුරුසිය වෙතටද එයින් හිස්වූ සොහොන වෙතටද ගිය යේසුස්වහන්සේය. බයිබලය කවරයෙන් කවරයට කියවන්න. ඔබ නැවත නැවතත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ මාර්ග ගණන් කරනවා ඇත. එය කෙතරම් සදාකාලික වන්නේදයත් ඔබ කිසි කලෙක එහි අවසානයට පැමිණෙන්නේ නැත.