නෝර්වේහි සිටි එක් පුද්ගලයෙක් සොයා ගත් ආකාරයට අහංකාරය බොහෝ විට නින්දාවට පෙර එන්නේය. ක්‍රීඩා ඇඳුමෙන් පවා නොසැරසී සිටි තැනැත්තෙක් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝක වාර්තාව හිමි කාර්ස්ටන් වෝහෝම්ට තරඟයකට පැමිණෙන ලෙසට අභියෝග කළේය. එළිමහන් ස්ථානයක පුහුණු වෙමින් සිටි වෝහෝම් අභියෝගය භාර ගත් අතර අභියෝගකයාව දූවිලි මත තනි කළේය. දිණුම් කණුවේදී දෙවරක් ලෝක ශූරයා සිනහසුණේ එම තැනැත්තා තමාට හොඳ ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා නැවතත් දිවිය යුතු බව තරයේ කියා සිටි නිසාය.

හිතෝපදේශ 29:23 හි අපි දකින්නේ “මනුෂ්‍යයෙකුගේ උඩඟුකම ඔහු පහත හෙළයි; එහෙත් සිතින් පහත්ව සිටින්නා ගෞරව ලබයි” යනුවෙනි. පොතෙහි සාලමොන්ගේ කැමතිම තේමාව වනුයේ උඩඟු තැනැත්තා සමග දෙවියන්වහන්සේ ක්‍රියා කරන ආකාරයයි (11:2; 16:18; 18:12). උඩඟුකම හෝ අහංකාරය යන මේ පදවල ඇති වචනයේ තේරුම ඉදිමීම හෝ පිම්බී සිටීමයි. එනම් දෙවියන්වහන්සේට අයිති දෙයට ගෞරවය ලබා ගැනීමයි. අපි අහංකාරයෙන් පිරුණු විට සිතිය යුතු ප්‍රමාණයට වඩා ඉහළින් අපි අප ගැනම සිතන්නෙමු. යේසුස්වහන්සේ වරක් කීවේ “තමාම උසස් කර ගන්න කවරෙක් නුමුත් පහත් කරනු ලබන්නේය. තමාම පහත් කර ගන්න කවරෙක් නුමුත් උසස් කරනු ලබන්නේය” කියාය (මතෙව් 23:12). උන්වහන්සේ සහ සාලමොන් යන දෙදෙනාම අපව යොමු කරන්නේ යටහත් වීම සහ පහත් වීම දෙසටය. එය ව්‍යාජ නිහතමානී කමක් නොවේ. නමුත් යමෙක් ගැන නිවැරදිව සිතීම මෙන්ම සෑම දෙයක්ම පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන් යයි පිළිගැනිීමය. එය ණැනවත් වීම සහ යම් දෙයක් කීමේදී “ඉක්මන් නොවීමය” (හිතෝපදේශ 29:20).

උන්වහන්සේට ගරු කිරීම සඳහා නිහතමානී වීමට මෙන්ම නින්දාව මග හැරීම සඳහා හදවතක් සහ ප්‍රඥාවක් අපට ලබා දෙන ලෙසට අපි දෙවියන්වහන්සේගෙන් ඉල්ලමු.