වොලස් සහ මේරි බ්‍රවුන් එංගලන්තයේ බර්මිංහම්හී දුගී කොටසකට සංක්‍රමණය වූයේ මිය යමින් සිටි සභාවක් පාලනය කිරීමට වූ අතර මැර කල්ලියක් ඔවුන්ගේ සභාව අල්ලා ගෙන එය ඔවුන්ගේ මූලස්ථානය කර ගෙන සිටි බව දැන සිටියේ නැත. බ්‍රවුන්ලාගේ ජනෙල් වීදුරු තුළින් ගල් ආහ. ඔවුන්ගේ වැටවල් වලට ගිණි තබනු ලැබීය. ඔවුන්ගේ දරුවන්ට තර්ජනය කෙරුණි. එම කරදර මාස ගණනාවක් පැවතුණි. පොලිසියට එය නැවැත්විය නොහැකි විය.

කඩා වැටී තිබූ පවුරු ඉශ්‍රායෙල්වරු ගොඩ නැගූ ආකාරය නෙහෙමියා පොත මතක් කර දෙයි. ප්‍රදේශ වාසීන් “වියවුලක් හට ගන්වන්ට” එක්වී යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න තර්ජනය කරද්දී (නෙහෙමියා 4:8) ඉශ්‍රායෙල්වරු “අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කොට …… රෑ දාවල් ඔවුන්ට විරුද්ධව මුර තැබීමුව” (4:9 පදය). මෙම ඡේදය තමන්ට මග පෙන්වීමක් ලෙස දෙවියන්වහන්සේ දුන් බව හැඟී බ්‍රවුන්ස් තමන්ගේ දරුවන් සහ තවත් කිහිප දෙනෙක් සමග සභාවේ තාප්ප වටා ගමන් කරමින් ඔවුන්ව රැක ගන්නා පිණිස දෙවියන්වහන්සේ විසින් දේව දූතයන් තබන ලෙසට යාච්ඤා කළහ. මැරයෝ මොර ගැසූහ. නමුත් ඊළඟ දිනයේදී පැමිණියේ ඔවුන්ගෙන් අර්ධයක් පමණි. ඊට පසු දිනයේ පස් දෙනෙක් පැමිණි අතර එයින් පසු දිනයේ කිසිවෙක් පැමිණියේ නැත. බ්‍රවුන්ස්ලාට අසන්න ලැබුණේ මැරයන් විසින් ජනතාව බිය වැද්දීම අත්හැර දමා ඇති බවයි.

යාච්ඤාවට ආශ්චර්යමත් පිළිතුරක් යනු අපගේම ආරක්‍ෂාව සඳහා වන සූත්‍රයක් නොවේ. නමුත් එය අපට මතක් කර දෙන්නේ දෙවියන්වහන්සේගේ සේවයට විරුද්ධතා පැමිණෙන බවත් ඒවාට එරෙහිව යාච්ඤාවෙන් සටන් කළ යුතු බවත්ය. “මහත්ව භයංකරව සිටින ස්වාමින්වහන්සේ සිහි කරමින්” යනුවෙන් නෙහෙමියා ඉශ්‍රායෙල් වරුන්ට කීවේය (14 පදය). උන්වහන්සේට දරුණු සිත් පවා නිදහස් කළ හැකිය.