ජෙනිවිට තම දරුවන් තිදෙනාටම ඇස් වීමට සිදු වුයේ ඔවුන් තිදෙනාගේම ඇස්වල ජන්මයෙන්ම සුද රෝගය තිබූ නිසාය. බටහිර අප්‍රිකාවේ බෙනින් ජනරජයේ ඔවුන්ගේ ගමට යන සෑම විටම ඇය ළදරුවා පිටේ බැඳ ගෙන වැඩිමහල් දරුවන් දෙදෙනාගේ අත් දෙකෙන් අල්ලා ගෙන ගියේ සෑම විටම අනතුරක් වේදෝයි බලමිනි. අන්ධභාවය ඇති වන්නේ හූනියම් නිසා යැයි සැළකෙන සංස්කෘතියක ජෙනිවි කලකිරීමෙන් යුතුව උපකාරය සඳහා දෙවියන්වහන්සේට මොර ගැසුවාය.

දිනක් ඇයට ඇගේ ගමේ මනුෂ්‍යයෙක් මර්සි නැව ගැන පැවසුවාය. එය යේසුස්වහන්සේගේ ආදර්ශයට ගරු කිරීම සඳහා අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම කරන සහ දුගීන්ට බලාපොරොත්තුව සහ සුවය ගෙන දෙන සේවයක් කරන නැවකි. ඇයට උපකාර කිරීමට ඔවුන්ට හැකිවේදැයි අවිනිශ්චිතව ඇය ඔවුන් වෙත ගියාය. ශල්‍යකර්මයෙන් පසු පිබිදුණු විට දරුවන්ට පෙනීම ලැබී තිබුණි.

දෙවියන්වහන්සේගේ කථාව වන්නේ අඳුරෙන් වටවී සිටින අය වෙත පැමිණ උන්වහන්සේගේ ආලෝකය ලබා දීමයි. අනාගතවක්තෘ යෙසායා ප්‍රකාශ කළේ දෙවියන්වහන්සේ අන්‍යජාතීන්ට ආලෝකයක් වන බවයි (යෙසායා 42:6). උන්වහන්සේ භෞතික පෙනිම පමණක් නොව ආත්මික දැක්ම පවා නැවත ලබා දෙමින් “අන්ධ වූ ඇස් අරින සේක” (7 පදය). එසේම උන්වහන්සේගේ සෙනගගේ “අත අල්ලා” ගැනීමට (6 පදය) උන්වහන්සේ පොරොන්දු වන සේක. උන්වහන්සේ අන්ධ ඇස්වලට පෙනීම ලබා දී අන්ධකාරයේ ජීවත්වන අයට ආලෝකය ගෙන ආ සේක.

ඔබ අඳුරෙන් වැසී ඇතැයි ඔබට සිතෙන්නේ නම් අපගේ ප්‍රේමණීය පියාණන් වහන්සේගේ පොරොන්දු වැළඳ ගෙන උන්වහන්සේගේ ආලෝකයෙන් එළිය ගෙනෙන ලෙසට ඉල්ලමින් බලාපොරොත්තුවේ එල්ලී ගෙන සිටින්න.