මුළින්ම ඔබ!
ටිබෙට්හි උපන් ෂර්පා නවං ගොම්බු සහ ඇමරිකානු ජිම් විටෙකර් 1963 මැයි 1 වැනිදා එවරස්ට් කඳුමුදුනට ළඟාවූහ. ඔව්හු කඳු මුදුනට ළඟා වෙද්දී මුදුනතට පළමු පියවර තැබීමේ ගෞරවය ගැන දෙදෙනාම කල්පනා කළෝය. විටෙකර් ගොම්බුට ඉදිරියට යාමට සංඥා කළ අතර ගොම්බු සිනහවී "ලොකු ජිම් මුළින්ම ඔබ!" යයි කීවේය. අවසානයේ ඔව්හු දෙදෙනම එකවර මුදුනතට පය තැබීමට තීරණය කළහ.
යටත්කමක් පෙන්වන ලෙස පාවුල් පිලිප්පි ඇදහිලිවන්තයින්…
සෙවණක්
බි‍්‍රටිෂ් කොළොම්බියාවේ, වැන්කූවර්හි නිවාස නොමැති සෙනඟ රාත‍්‍රියේ ජීවත් වීමට අලුත් ක‍්‍රමයක් සොයාගෙන තිබේ. රේන්සිටි නැමැති ප‍්‍රදේශයේ සමාජ සේවා අයතනයක් තාවකාලික කූඩාරම් බවට පත් කළ හැකි බංකු වර්ගයක් සාදා ඇත. වහලක් බවට පත් කළ හැකි කොටසක් බංකුවේ පසුපස තිබේ. රාත‍්‍රියේදී මෙම නිදන ස්ථාන සොයාගත හැක. අඳුරේ දිලිසෙන පණිවුඩයක් එ්වායේ දිස්වේ. "මේ නිදන කාමරයකි."
නිවාසයක අවශ්‍යතාවය භෞතිකය. එහෙත් එය ආත්මිකවද එසේය. අප…
දඩ කොළයක් පමණයි
ස්ත‍්‍රියක් පදවාගෙන ගිය රථයක් පොලිස් නිලධාරියෙකු නැවැත්වීය. ඇයගේ කුඩා දියණියට තිබිය යුතු විශේෂ ආසනය එහි නොතිබිණ. මාර්ග නීති කැඩූ බවට ඇයට දඩ කොළයක් නිකුත් කිරීමට නිලධාරියාට හැකියාවක් තිබිණ. ඒ වෙනුවට ඔහු මවටද දියණියටද අසල ඇති සාප්පුවකට එන්න කීවේය. අවශ්‍ය ආසනය ඔහුගේ මුදලින් ඇයට රැගෙන දුන්නේය. එම ස්ත‍්‍රිය ආර්ථික අමාරුකම් වලින් පෙළුණු අතර ආසනය ගැනීමට අවශ්‍ය මුදල් ඇයට නොවීය.
ඇයගේ වරදට…
පිටස්තර උපකාරය
ව්‍යාපාරික ගමනක් තුළදී මාගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයට ඇතුල්වූ විගස ඔහුට අසාමාන්‍ය හඬක් ඇසින. ඔහු පිටත ශාලාවට පැමිණි විට අසල කාමරයක යමෙකු කෑගසනවා ඇසී ඇත. හෝටල් සේවකයෙකුගේ උපකාරයෙන් ඔහුට වැටහුණේ මිනිසෙකු නාන කාමරයේ සිරවී ඇති බවය. නාන කාමරයේ දොර ක‍්‍රියාවිරහිත වීම නිසා පිටතට එ්මට බැරිව ඔහු බියට පත්වී සිටියේය. ඔහුට හුස්ම ගැනීමට නොහැකි යැයි හැඟී ඔහු කෑගැසීය.
සමහර විට ජීවිතයේද අප…
උන්වහන්සේගේ හස්තයේ සුරක්ෂිතය
මගේ දුව ශල්‍යකර්මයකට මුහුණ දුන් පසු මම ඇයගේ ඇඳ අසල වාඩිවී සිටියෙමි. මාගේ දියණිය ඇස් අරින විට ඇයට වේදනාව දැනී ඇඬීමට පටන්ගත්තාය. මම ඇය අතගාමින් සැනසීමට උත්සාහ කළෙමි. එහෙත් ඇය තවත් වැඩියෙන් ඇඬුවාය. ඉන්පසු හෙදියක් සමඟ එක්ව ඇයව ඔඩොක්කුවට ගතිමි. ඇයගේ කඳුළු පිසදමා ඇයට සනීපවේ යැයි මම මතක් කළෙමි.
යෙසායා තුළින් දෙවියන්වහන්සේ ඉශ‍්‍රායෙල්වරුන්ට කීවේ "මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන්…
වැටට අත නොතබන්න!
කුඩා දැරියක කාලයේ දිනක් මම දෙමව්පියන් සමඟ මාගේ මිත්තණියගේ නිවසට ගියෙමි. ඇය ජීවත්වූයේ ගොවිපොළක් අසලය. ඇයගේ වත්ත විදුලි වැටකින් ආවරණය කර තිබිණි. එය තිබුණේ හරකුන් ඇතුල්වීම වැලැක්වීමටය. පිටත සෙල්ලම් කිරීමට මා අවසර පැතූ විට මගේ දෙමව්පියෝ අවසර දුන්හ. එහෙත් විදුලි වැට ඇල්ලුවොත් විදුලිසැර වදින බව ඔව්හු අනතුරු ඇෙඟව්වෝය.
අවාසනාවකට මා ඔවුන්ගේ අවවාද පිළිනොගෙන වැටට අත තැබීමි. හරකෙකුට පාඩමක් ඉගැන්විය හැකි…
අභ්‍යන්තර දැක්මක්
විශ‍්‍රාම ගොස් සිටින භෞතික විද්‍යාඥ ආරි වැන්ට් රියට් අසාමාන්‍ය ලෙසකින් චිත‍්‍ර සකසන්නේය. ඔහු ශාඛ සහ මියගිය සතුන් විවිධ ක‍්‍රම වලට තබන්නේය. ඉන්පසු එ්වායේ එක්ස්-රේ ඡයාරූප ගන්නේය. ඔහු ඒවා පරිගණක ගත කර චිත‍්‍රයට නගාගෙන චිත‍්‍රවල සමහර කොටස් වලට වර්ණ යොදන්නේය. ඔහුගේ චිත‍්‍ර කලාව මල්, මසුන්, කුරුල්ලන්, උරගයන් සහ වඳුරන්ගේ අභ්‍යන්තර සංකීර්ණතා මනා ලෙස අනාවරණය කරන්නේය.
යමක අභ්‍යන්තර දැක්ම බොහෝ විට පිටස්තර…
නොසැලකිලිමත් වචන
මා පැය භාගයක් පමණ රිය පදවාගෙන ගිය පසු මාගේ දියණිය ඇඬීමට පටන්ගත්තාය. "ඇයි මොකද?" කියා මා ඇසූ විට, ඇගේ සහෝදරයා ඇගේ අත තදින් මිරිකීයැයි ඇය කීවාය. "එයා මාව කෙනිත්තුවා" යැයි ඔහු කීවේය. ඔහු නරක වචන කිවූ නිසා "මම කෙනිත්තුවා" යැයි ඇය නැවත කීවාය.
දරුවන් අතර පොදුව තිබෙන මෙම ක‍්‍රමය අවාසනාවන්ත ලෙස වැඩිහිටියන්ගේ සබඳතා වලදීද දැකිය හැක. එක්කෙනෙකු අනික් අයට වැරදි…
දර්ශන මිටියාවත
පියුරිටන්වරුන්ගේ යාච්ඤාවක් වන "දර්ශන මිටියාවත" පවසන්නේ පව්කාර මිනිසා සහ ඔහුගේ ශුද්ධ දෙවියන්වහන්සේ අතර ඇති පරතරයයි. මිනිසා දෙවියන්වහන්සේට පවසන්නේ "ඔබවහන්සේ මා දර්ශන මිටියාවතට ගෙන ආසේක... පාප කඳුවලින් වටවී ඔබවහන්සේගේ මහිමය මම දකිමි." ඔහුගේ වැරදි දැක දැකත් මිනිසාට බලාපොරොත්තුවක් ඇති විය. ඔහු තවදුරටත් කියන්නේ "ගැඹුරු වළවල් වල සිට තරු බැලිය හැකිය. වළවල් ගැඹුරුවන තරමට තාරකාවල දීප්තිය වැඩිය" යනුවෙනි. කවිය අවසන් වන්නේ "මාගේ…
මැස්සාගෙන් මතක් කිරීමක්
දැන්මා කුලියට ගෙන සිටින කුඩා කාර්යාලයට මා මුලින් පැමිණි විට එහි පදිංචිව සිටියේ මැස්සන් පමණි. උන්ගෙන් බොහෝමයක් සැම කෙනෙකුම යන ගමන ගොස් තිබිණ. උන්ගේ ශරීර බිමත් ජනෙල් අසලත් තිබිණි. මා එකක් හැර ඒවා සියල්ල ඉවත් කළෙමි. එය මට හොඳින් පෙනෙන තැනක තිබෙන්නට හැරියෙමි.
එම මිය ගිය මැස්සා මට මතක් කළේ සැම දිනක්ම අප හොඳින් ජීවත් විය යුතු බවය. මරණය ජීවිතය…