ලිවීමට හේතුව
“ස්වාමින්වහන්සේ මගේ උස් කුළුණයි...... අපි කඳවුරෙන් පිටව ගියේ ගායනා කරමින්.” 1943 සැප්තැම්බර් 7 වන දින එටී හිලෙසම් එම වචන තැපැල් පතක ලියා එය දුම්රියෙන් පිටතට වීසි කළාය. ඇයගෙන් අපට ලැබෙන අවසාන සටහන් කළ වචන ඒවාය. 1943 නොවැම්බර් 30 වන දින අවුෂ්විට්ස් හි දී ඇය ඝාතනය කරන ලදී. පසුව, ගාල් කඳවුරකදී (නාට්සි වාදයට විරුද්ධවූ අයව හිරකර තැබූ බන්ධනාගාරය) හිලෙසම්ගේ අත්දැකීම් පිළිබඳ…
ආලෝකය විශ්වාස කරන්න
කාලගුණ අනාවැකිය පැවසුවේ ඉතාම දරුණු කුණාටුවක් බවයි. වායුගෝලීය පීඩනය පහත වැටෙන විට ශීත කුණාටුවක් උත්සන්න වෙද්දී සිදුවන්නේ මෙයයි. රාත්‍රීයේදී හිම කුණාටු හේතුවෙන් ඩෙන්වර් ගුවන් තොටුපළ වෙත යන පාර දැකගත නොහැකි තරම් විය. ඒ තරමටම. නමුත් ඔබගේ දියණිය ගුවන් යානයෙන් නිවසට පැමිණෙන්නේ නම් ඔබ කළ යුතු දේ කරන්නේය. ඔබ අමතර ඇඳුම් සහ ජලය ගෙන යන්නේය (ඒ ඔබ අධිවේගී මාර්ගයේ හදිස්සියේම අතරමං…
ජලගැල්ම පැමිණි විට
මම ජීවත්වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ නමාති ප්රාන්තයේය. මෙම ප්‍රාන්තය පිහිටා තිබෙන්නේ උතුරු අමෙරිකාවේ බටහිර ප්රදේශයේය. මෙම ප්‍රදේශය එහි තිබෙන කඳු නිසාත් වාර්ෂිකව හිම වැටෙන ප්‍රදේශයක් නිසාත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් මා ජීවත්වන ප්‍රාන්තයේ ඇතිවුණු දරුණුම ස්වභාවික ව්‍යසනය හිම නිසා නොව, වර්ෂාව හේතුකොටගෙනයි. 1976 ජූලි 31 වන දිනදී බිග් තොම්සන් යනුවෙන් හැඳින්වූ විශාල ජලගැල්මක් ඇති විය. මෙය සිදුවූයේ එස්ටස් පාර්ක් නමින්…
එක් රොටියක් පවා
ඈශ්ටන් සහ ඔස්ටින් සැමුවෙල්සන් කිතුණු විදුහලකින් උපාධි ලබාගත්තේ යේසුස්වහන්සේට සේවය කිරීමට දැඩි ආශාවක් ඇතිවය. නමුත් දෙදෙනාටම සභාවේ සම්ප්‍රදායික සේවයක් කිරීමට කැඳවීමක් නොතිබුණේය. එහෙත් ලෝකයේ සේවයක් ගැන මොකද? අනිවාර්යයෙන්ම! ඔවුන් එයට ඉතාම කැමති විය. ළමා කුසගින්න තුරන් කිරීමට තිබූ බර ඔවුන්ගේ ව්‍යාපාරික නිපුණත්වයන් සමඟ එකතු කර, ඔවුන් 2014 වසරේ රොටී වර්ග අලෙවි කරන අවන්හලක් ආරම්භ කළේය. එය සාමාන්‍ය අවන්හලක් නොවීය. සැමුවල්සන්ලා…
ලෝකයේ ඇති වරද කුමක්ද?
බොහෝ විට අසන ප්‍රශ්නයක් ලන්ඩන් ටයිම්ස් පත්‍රය විසිවෙනි ශතවර්ෂය මුලදී පාඨකයන්ගෙන් ඇසුවේය. “ලෝකයට ඇති ප්‍රශ්නය කුමක්ද?”
එය හොඳ ප්‍රශ්නයකි. කෙනෙකුට ඉක්මණින් පිළිතුර දිය හැකිය. “හරි එයට පිළිතුරු දීමට මට කෙතරම් කාලයක් දෙනවාද?” එය සාධාරණය. ඊට හේතුව මේ ලෝකයේ බොහෝ වැරදි ඇති බව පෙනෙන නිසාය. ප්‍රවෘත්තියකට අනුව “ටයිම්ස් සඟරාවට” බොහෝ ප්‍රතිචාර ලැබුණි. නමුත් එකක් ඉතා ණැනවත් විය. ඉංග්‍රීසි කවියෙකු වන ජී.කේ.…
ඔබට ඇති සියල්ල දෙන්න
(ස්කේලින්) අඩු වැඩි කිරීම් ව්‍යායාම ක්‍ෂේත්‍රයේ නිතර භාවිතා වන වචනයකි. එය සෑම කෙනෙකුටම සහභාගී වීමට ඉඩ සළස්වයි. උදාහරණයක් වශයෙන් ව්‍යායාමයක් වන අත් සහ පාද පොළොවේ තබා ඉහළට එසවීම ඔබට දහවරක් කරන්න පුලුවන් වූවත් මට එය කළ හැක්කේ හතරවරක් පමණී. නමුත් මගේ උපදේශක මට කියා සිටියේ මගේ ශක්ති ප්‍රමාණය ලෙස ගණන අඩු වැඩි කරන ලෙසය. අපි සියල්ලෝම එකම මට්ටමේ නැති වූවත්…
පියාණන්ගේ මාර්ගයෙහි
1960 ගණන් වල චිකාගෝහි උතුරු ලෝංඩේල් හි කාර්යබහුල සමූහය අන්තර් වාර්ගික ජීවිතය සඳහා නියමු ව්‍යාපෘති සමූහයකි. මධ්‍යම පන්තියේ අප්‍රිකානු ඇමරිකානුවෝ කිහිප දෙනෙකු කොන්ත්‍රාත් ක්‍රමයට නිවාස මිලදී ගත්තෝය. නිවාස අයිතියේ වගකීම්ද, කුලී ගෙවීමේ අවාසිද ඊට ඇතුළත් විය. කොන්ත්‍රාත් වෙළඳාමේදී, ගැණුම්කරු කිසිදු ප්‍රමාණයක් උපයා ගත්තේ නැති අතර එක් වාරිකයක් හෝ ගෙවීමට නොහැකි වුවහොත්, ඔහුගේ මුල් ගෙවීම, සියළු මාසික ගෙවීම් ඇතුළුව එම දේපළ…
කුඩා ගිනි පුපුරක්
අපි පුස්තකාලයේ සිටින විට ගිනිදැල් නගිනවා අපි දුටුවෙමු. ඇය බියවී සිටියාය. ඇගේ කටහඬ බිය ඉස්මතු කරයි. ඇගේ කටහඬ අපි හඳුනමු. ඒ අපගේ දියණියගේය. එසේම ඇයටත් ඇගේ විශ්ව විද්‍යාල සිසුන් 3000 ටත් ආරක්‍ෂිතම ස්ථානය එය බව අපි දනිමු. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස 2018 දී වුල්සි ගින්න පැතුරුණි. ගිනි නිවන භටයන්ද එසේ බලාපොරොත්තු නොවුනි. අක්කර 97000 ක් සහ ගොඩනැගිලි 1600 ක්ද මරණ…
සෘජුව ඉදිරියට
එකල සෘජු පේළි සැකසීමට ට්‍රැක්ටර් රියැදුරෙකුට සෘජු දෑස් සහ ශක්තිමත් හස්තයක් අවශ්‍ය විය. එහෙත් හොඳම දෑස් වලටද සමහර විට පේළී වරදී. දිනය අවසානයේදී ශක්තිමත්ම දෑත් පවා වෙහෙසට පත්වේ. නමුත් දැන් ස්වයංක්‍රීය සුක්කානම් තිබේ. ජිී.පී.එස්. තාක්‍ෂණය නිසා සිටවීමේදී අස්වැද්දීමේදී සහ බෙහෙත් විදීමේදී අඟලේ නිවැරදිතාවයකින් එය ඉදිරියට ගෙන යා හැකිය. එය ඉතා කාර්යයක්‍ෂමය. දෑත් නිදහස්ය. විශාල ට්‍රැක්ටරයක සුක්කානම ග්‍රහණය කර ගෙන සිටිනවා…
මාගේ පියාගේ දරුවා
ඔව්හු බොඳවී ගොස් තිබූ ඡායාරූපය දෙස බැලුහ. ඉන්පසු මා දෙසද ඉන්පසු මගේ පියා දෙසද නැවත මා දෙසද නැවත මගේ පියා දෙසද බැලූහ. ඔවුන්ගේ ඇස් පීරිසි මෙන් විශාල විය. “තාත්තා ඔයා සීයා තරුණ කාලයේ සිටියා වගේමයි”. මගේ පියාත් මමත් සිනහසුණේ එය අප බොහෝ කාලයක් පටන් දැන සිටි දෙයක් වූ හෙයිනි. නමුත් මැතක් වන තුරුම මගේ දරුවන්ට එය වැටහුණේ නැත. මාත් මගේ…