කාන්තාවන් දෙදෙනෙක් එකිනෙකා අතරේ මැදිමග ආසනවල වාඩිවී සිටියහ. ගුවන් ගමන පැය දෙකක් වූ නිසා ඔවුන්ගේ අන්‍යොන්‍ය ක්‍රියාවන් නොබලා සිටීමට මට නොහැකි වුනි. ඔවුන් එකිනෙකා දන්නා බව පැහැදිළිව පෙණුනි. සමහර විට නෑකමකුත් තියෙන්න ඇති. දෙදෙනාගෙන් බාල කාන්තාව (අවුරුදු හැට ගණන්වල විය හැකිය) ඇයගේ පසුම්බියට අත දමා වැඩිහිටි කාන්තාවට (ඇය අනූ ගණන්වල යැයි මම අනුමාණ කළෙමි) නැවුම් ඇපල් පෙති, ඉන්පසුව නිවසේ සාදා ගන්නා ලද සැන්ඩ්විිච්ද පිරිසිදු කිරීම සඳහා අත් පිස්නාවක්ද අවසානයේ නිව් යෝර්ක් සඟරාවේ පිටපතක්ද දුන්නාය. සෑම ක්‍රියාවක්ම සිදු කළේ මුදු මොළොක් ලෙස සහ ගෞරරවාන්විතවය. ගුවන් යානයෙන් පිටවීමට අප සුදානම්ව සිටියදී “ඔබ ඇය ගැන සැළකිලිමත් වන ආකාරය මම දුටුවෙමි. එය ලස්සනයි” කියා මම බාල කාන්තාවට පැවසුවෙමි. “ඇය මගේ හොඳම මිතුරිය. ඇය මගේ අම්මා” යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.

අපි සියල්ලන්ටම එවැනි දෙයක් කියන්න පුළුවන් නම් කොපමණ උතුම්ද? සමහර දෙමාපියන් හොඳම මිතුරන් හා සමානය. සමහර දෙමාපියන් එසේ නොවෙති. සත්‍යය නම් එවැනි සම්බන්ධතා සංකීර්ණ බවක් පෙන්වයි. පාවුල් විසින් තිමෝතියස්ට ලියන ලද ලිපියේ මෙම සංකීර්ණත්වය නොසළකා නොහැරියද දෙමාපියන් සහ ආච්චිලා සීයලාද අපගේ “නෑයින්” සහ “අපේම නිවැසියන්” රැක බලා ගැනීමෙන් “ඇදහිල්ල ක්‍රියාවට නංවන” ලෙසට අපට ආරාධනා කරයි (1 තිමෝති 5:4, 8).

අප සියලු දෙනාම බොහෝ විට එවැනි රැකවරණයන් ලබා දෙන්නේ පවුලේ සාමාජකයන් යහපත් වූවා නම් හෝ යහපත් නම් පමණි. වෙනත් වචනවලින් කියනවා නම් ඔවුන් එයට සුදුසු නම් පමණි. නමුත් ඔවුන්ට සැළකීමට පාවුල් තවත් මනහර හේතුවක් ඉදිරිපත් කරයි : මක්නිසාද “මෙය දෙවියන්වහන්සේට ප්‍රසන්න බැවින්” (4 පදය) ඔවුන්ව රැකබලා ගන්න කියාය.