අවස්ථාව මග හැර ගන්න එපා
“දරුවන්ට හඳ පෙන්වන්න ලැබෙන අවස්ථාව මග හැර ගන්න එපා” ඇය කීවාය. සති මැද යාච්ඤා රැස්වීම ආරම්භ කිරීමට මත්තෙන් පෙර දිනයේ පුර සඳ ගැන අප කථා කළෙමු. පූර්ණ චන්ද්‍රයා අපව විශ්මිත කළේය. එය ක්ෂිතිජයේ වාඩිවී සිටිනවා මෙන් පෙණුනි. අපගේ වැඩිමහල්ම හඩ වෙබ් මහත්මියට අයිති විය. සුදු කෙස් සහිත ඇය දෙවියන්වහන්සේගේ මැවීම අගය කළාය. මටත් මාගේ භාර්යාවටත් දරුවන් දෙදෙනෙකු සිටින බව ඇය…
කරුණාවේ ජීවමාන ස්මාරකයක්
මා හැදී වැඩුණේ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණු සභාවකය. පවුලේ අයෙකු හෝ සමීපතමයෙකු හෝ මියගිය විට සභාවේ බංකුවක හෝ බිත්තියක පිත්තල ඵලකයක් සවි කෙරේ. මැරුණ අයගේ නම ලියා ඔහු/ඇය සිහි කිරීම පිණිස යයි එහි ලියැවේ. එය ගෙවී ගිය ජීවිතයක අනර්ඝ මතක සටහනකි. මා සෑම විටම එම ස්මාරක අගය කරමි. තවමත් එසේමය. නමුත් නැවතී කල්පනා කිරීමට ඒවා මා යොමු කරන්නේය. ඊට හේතුව ඒවා…
බලාපොරොත්තුව නැවත ලැබ
හිරු නැගෙන්නේ නැගෙනහිරින්ද? අහස නිල් පාටද? සාගරය ලුණු රසද? කොබොල්ට්හි පරමානු බලය 58:9 ද? අවසන් ප්රශ්නය ඔබ දන්නේ ඔබ විද්‍යාව පිළිබඳ විද්වතෙක් හෝ සුළු සුළු දේවල් හාරා අවුස්සන්නෙක් නම් පමණී. නමුත් අනික් ප්‍රශ්න වලට අනිවාර්ය පිළිතුරක් තිබේ. සත්‍ය වශයෙන් එවැනි ප්රශ්නවල අපහාසය සුළු ප්‍රමාණයක් මිශ්‍රව ඇත.
අප ප්‍රවේශම් නැති නම් අපගේ නූතන වෙහෙසවී තිබෙන දෙකණ් වලට යේසුස්වහන්සේ ආබාධිතයෙකුගෙන් ඇසු ප්රශ්නය…
අවස්ථාවන් පිළිිබඳ දැනුවත් වීම
නත්තල් නිවාඩු කාලයේ අපගේ පවුලේ සියලු දෙනාම රෝමයේ කාලය ගත කළෙමු. එලෙස සෙනග එක තැනකට හිරවී සිටිනු මා කවදාවත් දැක ඇතැයි මට නොසිතේ. වතිකානුව සහ පුරාණ එළිමහන් රඟමඩල යනාදිය බැලීමට යන විට ස්ථානෝචිත ප්‍රඥාව ගැන මම මගේ දරුවන් දැනුවත් කළෙමි. ඔබ ඉන්නේ කොහේද, ඔබ අවට ඉන්නේ කව්ද, සිදුවන්නේ කුමක්දැයි අපි දැන සිටිය යුතු බව මම ඔවුන්ට කීවෙමි. මෙය අප ජීවත්වන…
අප සමීපයේම
ඇය උඩ රාක්කය දෙසට ඇස් යොමු කර ගෙන සිටියාය. ස්පැගටි සෝස් පිරවු බෝතල් වලින් එය පිරී තිබුණි. මමද ඇය අසල එම රාක්කය දෙස විනාඩියක් හෝ දෙකක් බලා සිටියෙමි. තීරණයක් ගැනීමට කල් ගත්තෙමි. නමුත් ඇයට මා සිටිනවා යයි කිසි හැඟීමක් නොතිබුණි. ඇය තම සිතුවිලි අතර අතරමංව සිටියාය. මට උස රාක්ක ගැන ගැටළුවක් නැත. ඊට හේතුව මම උස කෙනෙක් නිසාය. නමුත් අනිත්…
ලියුමකින් යවන්න
සිව් වයසැති වෙනත් දරුවන් මෙන් රූබිද දිවීමටද ගායනා කිරීමටද නැටීමට සහ ක්‍රීඩා කිරීමටද ආශා කළාය. නමුත් ඇය තම දණිස්වල වේදනාවක් ගැන පැමිණිලි කරන්න පටන් ගත්තාය. රූබිගේ දෙමව්පියෝ ඇයව පරීක්ෂණවලට යොමු කළෝය. ප්‍රතිඵලය කම්පණය ගෙන දුන්නේය. පිළිකාවක් වැළඳී 4 වන මට්ටමට පැමිණ තිබුණි. එය නහර පිළිකාවකි. ඇයව ඉක්මණින්ම රෝහල් ගත කෙරුණි.
රූබිගේ රෝහල් කාලය දික්විය. නත්තලට එහි සිටීමට ඇයට සිදුවිය. එය…
කන් සාදා ඇත්තේ සවන් දීමටයි
විශාල ප්රසිද්ධියකට පත්විය හැකි භූමිකාවක් රඟපෑමට නිලියක් වන ඩයන් කෲගර්ට අවස්ථාවක් ලැබුණි. එයට අවශ්‍ය වූයේ තම ස්වාමි පුරුෂයා සහ දරුවා අහිමි වූ භාර්යාවක් සහ මවකගේ චරිතයක් රඟපෑමටය. එවැනි දුකක් ඇය කෙදිනකවත් විඳ නොතිබුණි. ඇයව අන් අය විශ්වාස කරාවිදැයි ඇයට බියක් ඇති විය. ඒ සඳහා පුහුණු වීමට අසීමිත දුක් වේදනා තුළින් යන කණ්ඩායම්වල රැස්වීම්වලට ඇය සහභාගී වූවාය.
මුලදී ඔවුන් ඔවුන්ගේ කථා…
යේසුස්වහන්සේ ඔබ පසුපසින්ම සිටින සේක
වෙනදාට වඩා ටිකක් ඉක්මණින් මාගේ දියණිය පාසැලට යාමට සුදානම්ව සිටියාය. මග අසළ ඇති කෝපි කඩයක නවත්වමුදැයි ඇය ඇසුවාය. මම කැමති වීමි. අප එය අසළට ළංවන විට "කාට හරි මෙම උදෑසන සතුටක් දෙන්න ඔබ කැමතිද?" මම ඇසුවෙමි. "අනිවාර්යයෙන්ම" ඇය කීවාය.
අපි අපගේ ඇණවුම ඉදිරිපත් කළෙමු. අප ගෙවිය යුතු ගණන වෙළඳ සේවිකාව කීවාය. "අපට පසුපස සිටින අයගේ ගණනත් එකතු කරන්න" කියා මම…
ඉල්ලීම හොඳය
මගේ පියාට දිසාව ගැන හොඳ දැනුමක් තිබුණි. මට එය ගැන ඊර්ෂ්‍යාවක් විය. නිමේෂයකින් උතුර, දකුණ, නැගෙනහිර, බටහිර ඔහු දැන ගන්නේය. ඔහු එම හැකියාව සමග ඉපදී ඇතැයි සිතිය හැකිය. ඔහු සෑම විටම නිවැරදි විය. නමුත් එක් රාතයක ඔහුට වැරදුණි.
ඒ මගේ පියා අතරමංවූ රාත්‍රියයි. ඔහුත් මගේ මවත් නොදන්නා ගමක උත්සවයකට ගොස් එන විට ? බෝ විය. ප්‍රධාන පාරට යන්නට දිසාව දන්නා…