අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Xochitl Dixon

සොචිටල් ඩික්සන්

..

සොචිටල් ඩික්සන් විසින් රචිත ලිපි

මුදවා ගැනීමේ මෙහෙයුම

ඕස්ට්‍රේලියාවේ පිහිටි ගොවිපළ සත්ත්වයන් මුදවා ගැනීමේ සංවිධානයක ස්වේච්ඡා සේවකයන් අපිරිසිදු වූ එකට ගැට ගැසුණු ලොම් සහිත රාත්තල් හැත්තෑපහකට වඩා බරින් යුත් ඉබාගාතේ යන බැටළුවෙකු සොයා ගන්නා ලදී. මුදවා ගැනීමේ සේවකයන් සිතුවේ බැටළුවා අවම වශයෙන් වසර පහක් තිස්සේ අමතක කර අතහැරදමා සිටිය බවටයි. උගේ බර ලොම් ඉවත් කිරීමේ අපහසු ක්‍රියාවලිය හරහා ස්වේච්ඡා සේවකයන් ඌව සැනසූහ. උගේ බරින් නිදහස් වූ පසු “බැරැක්”…

දෙවියන්වහන්සේගේ වචනයේ බලය

1968 වසරේ නත්තලට පෙර දිනයේදී, ඇපලෝ 8 යානයේ ගගනගාමීන් වන - ෆ්‍රෑන්ක් බෝමන්, ජිම් ලවෙල් සහ බිල් ඇන්ඩර්ස් - චන්ද්‍ර කක්ෂයට ඇතුළු වූ පළමු මිනිසුන් බවට පත් වූහ. ඔවුන් සඳ වටා දස වතාවක් ගමන් කළ අවස්ථාවේදී, ඔවුන් චන්ද්‍රයාගේ සහ පෘථිවියේ පින්තූර ලබා ගත්හ. සජීවී විකාශනය අතරතුර, ඔවුන් උත්පත්ති 1 වැනි පරිච්ඡේදය මාරුවෙන් මාරුවට කියවන ලදී. එම සිදුවීමේ හතළිස් වැනි සංවත්සර…

අන්‍යෝන්‍ය දිරිගැන්වීම

තවත් සතියකට පසු තවත් සෞඛ්‍යමය පසුබෑමකට ලක්ව, මම සෝෆාව මත වැතිරුණෙමි. කිසිම දෙයක් ගැන සිතීමට මට අවශ්‍ය නොවීය. මම කිසිවෙකු සමඟ කතා කිරීමට පවා කැමති නොවීමි. මට යාච්ඤා කරන්න පවා අපහසු විය. මම රූපවාහිනිය ක්‍රියාත්මක කළද, අධෛර්ය සහ සැකය මගේ ශරීරයේ අමාරුකම් වලට එකතු වී තිබුණේය. කුඩා දැරියක් ඇගේ බාල සොහොයුරා සමඟ කතා කරන ආකාරය දැක්වෙන වෙළඳ දැන්වීමක් මම නැරඹීමට…

කල්පවත්නා බලාපොරොත්තුව

වෛද්‍යවරුන් විසින් සිව් හැවිරිදි සොලමන්ට ඩුෂන් නම්වූ මාංශ පේශි දුර්වල වීමේ රෝගයක් ඇති බව හඳුනා ගන්නා ලදී. (ඩුෂන් මස්කියුලර් ඩිස්ට්‍රොෆි DMD යනු මූලික වශයෙන් පිරිමි ළමයින්ට බලපාන දරුණු මාංශ පේශි ආබාධයකි). වසරකට පසුව, වෛද්‍යවරු පවුලේ අය සමඟ රෝද පුටු ගැන සාකච්ඡා කළහ. නමුත් සොලමන්, ඔහුට රෝද පුටුවක් භාවිතා කිරීමට අවශ්‍ය නොවන්නේය කියා විරුද්ධ විය. පවුලේ අය සහ මිතුරන් ඔහු වෙනුවෙන්…

සහයෝගය වඩාත් යහපත්

තනිව වැඩ කරන මවක් වන මාරිට සභාවේ දේව මෙහෙයක් හෝ බයිබල් පාඩමක් අතපසු වුණේ කලාතුරකිනි. සෑම සතියකම, ඇය තම දරුවන් පස්දෙනා සමඟ බස් රථයකින් දේවස්ථානයට පැමිණ, දේවස්ථානය සැකසීමට සහ පිරිසිදු කිරීමට උදව් කළාය.

එක් ඉරුදිනක සභා පාලකතුමා මාරිට පැවසුවේ දේවස්ථානයේ ඇතැම් සාමාජිකයන් ඇයගේ පවුලට තෑගි ලබා දුන් බවයි. එක් යුවළක් පවුලට අඩු කුලියට නිවසක් ලබා දුන්නෝය. තවත් යුවළක් ඇයට ඔවුන්ගේ…

ප්‍රීති වීමට හේතු

ග්ලෙන්ඩා මහත්මිය දේවස්ථානයේ පොදු ප්‍රදේශයට ගිය විට, ඇගේ ප්‍රීතියෙන් කාමරය පිරී ගියේය. ඇය දුෂ්කර වෛද්‍ය ක්‍රියා පටිපාටියකින් පසු සුවය ලැබුවා පමණි. අපගේ සුපුරුදු දේවස්ථානයේ දේව මෙහෙයෙන්-පසු ආචාර කිරීම සඳහා ඇය මා වෙත පැමිණෙන විට, වසර ගණනාවක් පුරා ඇය මා සමඟ හැඬූ හැටි, මෘදු ලෙස මාව නිවැරදි කළ සැටි සහ දිරිගැන්වීම් ලබා දුන් සෑම අවස්ථාවක් ගැනම මම දෙවියන්වහන්සේට ස්තුති කළෙමි. ඇය…

ශෝකයෙන් සහ කෘතඥපූර්වක බවින්

මගේ මවගේ වියෝවීමෙන් පසුව ඇය සමඟ සිටි පිළිකා රෝගියෙක් මා වෙතට පැමිණ, “ඔබේ අම්මා මට ගොඩාක් කරුණාවන්ත වුණා” ඇය හඬමින් කීවාය. “මම මිය නොගොස් ඇය මිය ගිය නිසා මට කණගාටුයි” කියා ඇය තව දුරටත් කීවාය.

“මගේ අම්මා ඔබට ප්‍රේම කළාය” මම කීවෙමි. “අප දෙදෙනා දෙවියන්වහන්සේට යාච්ඤා කළේ, ඔබේ පුතුන් වැඩෙනවා දකින්න ඔබට ඉඩ දෙන්න කියායි” මම තවදුරටත් කීවෙමි. ඇගේ දෑත්…

ස්වර්ගීය නැවත එක්වීමක්

මගේ මවගේ අවමංගල්‍යය දැන්වීම ලියන විට, මට හැඟුණේ “මිය ගියා” කියන වචනය ස්වර්ගයේදී අපගේ නැවත එක්වීම ගැන ඇති පොරොන්දුව ගැන මා තුළ තිබූ බලාපොරොත්තුවට වඩා අවසානයක් දෙන බවයි. ඒ නිසා, මා මෙසේ ලිවෙමි: “ඇයව යේසුස්වහන්සේගේ දෑතට පිළිගන්නා ලදී”. තවමත්, සමහර දිනවල මගේ මව ඇතුළත් නොවන වඩාත් වර්තමාන පවුලේ ඡායාරූප දෙස බලන විට මම දුක් වූයෙමි. කෙසේ වෙතත්, මෑතකදී, අපට අහිමි…

ආදරයෙන් මුල් බැස ඇත

මම පිළිකා සත්කාර මධ්‍යස්ථානයට පැමිණියෙමි. එහිදී මම මගේ මවගේ භාරකරු ලෙස මෙම මධ්‍යස්ථානයේ සේවය කරමින් නැවතී සිටිමි. මෙහිදී මට තනිකම සහ බිය දැණුනි. මම සැතපුම් 750 කට වඩා එහායින් මගේ පවුල සහ නිවස හැර ගියෙමි. නමුත් මම මගේ ගමන් මලු ඇල්ලීමටත් පෙර, විශාල සිනහවක් ඇති මිනිසෙකු වූ ෆ්‍රෑන්ක් මට උදව් කිරීමට ඉදිරිපත් විය. අපි හයවන මහලට ළඟා වූ විට, ඔහුගේ…

ගසාගෙන යන විකිරණ

2020 වසන්තයේ රාත්‍රී අහස යට, සැන් ඩියාගෝ වෙරළ තීරයේ සැරිසරන්නන් ජෛව ආලෝකවත් තරංග පැදවූහ. මෙම ආලෝක සංදර්ශන ඇති කළේ ෆයිටොප්ලැන්ක්ටන් නම් ක්ෂුද්‍ර ජීවීන් විසිනි, "ඉබාගාතේ ඇවිදින්නන්" හෝ "ගසාගෙන යන" යන අර්ථය දෙන එය ග්‍රීක වචනයකින් ලැබී ඇත්තේය. දිවා කාලයේදී මෙම ජීවීන් රතු වඩදිය බාදිය ඇති කරන අතර රසායනික ශක්තිය බවට පරිවර්තනය කරන හිරු එළිය අල්ලා ගනී. අඳුරේ කලබල වූ විට…