ආශීර්වාද පෝෂකයාණෝ
1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ…
කිසිවක් නොමැතිව දිවීම
ගෝලීය සෞඛ්‍ය අර්බුදයට මැදිවූ හෙදියක් ලෙස තමා මුහුණ දුන් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම ගැන කතා කරන විට මගේ මිතුරිය ඇගේ කඳුළු අතරින් පැවසුවේ “මට තවදුරටත් මෙය නොකළ හැකි යැයි මම සිතමි. දෙවියන්වහන්සේ මා හෙද සේවයට කැඳවා ඇති නමුත්, රාජකාරිය අධික නිසා මම යටපත් වී හා චිත්තවේගීව වියැකී සිටිමි,” කියා ඇය සිතේ බරකින් පැවසුවාය. තෙහෙට්ටුවේ වලාකුළක් ඇය මතට පැමිණ ඇති බව දුටු…
විනාඩි හතක භීෂණයක්
2021 පෙබරවාරි 18 වන දින අඟහරු ග්‍රහලෝකයට “පර්සිවියරන්ස්” නම් ට්‍රැක්ටරයක් මෙන් යන්ත්‍රයක් ගොඩබසින විට, එය නිරීක්ෂණය කරමින් සිටි අය “විනාඩි හතක භීෂණයක්” විඳ දරාගත්හ. අභ්‍යවකාශ යානය සැතපුම් මිලියන 292ක ගමන අවසන් කරන විට, එය තනිවම කළ යුතු සංකීර්ණ ගොඩබෑමේ ක්‍රියාවලියක් හරහා ගියේය. අඟහරු ග්‍රහලෝකයේ සිට පෘථිවියට සංඥා ලබා ගැනීමට විනාඩි කිහිපයක් ගත වන අතර, ඒ නිසා ගොඩබෑමේදී නාසා ආයතනයට “පර්සිවියරන්ස්”…
රෝස පැහැති කබාය
බ්‍රෙන්ඩා වෙළඳ සංකීර්ණයේ පිටවීමේ දොරටුව දෙසට යමින් සිටියදී ප්‍රදර්ශන කවුළුවකින් රෝස පැහැයක් ඇගේ ඇසට හසු විය. ඇය හැරී “රෝස පැහැති කපු කබායක්” ඉදිරියේ සිට ගත්තාය. “ඕ! හොල්ලි එයට කොතරම් කැමති වෙයිද! කියා මට සිතුණි”. තනිකඩ මවක් වූ ඇගේ මිතුරියට මූල්‍ය පහසුකම් නොමැති වී තිබු අතර, හොල්ලිට උණුසුම් කබායක් අවශ්‍ය බව බ්‍රෙන්ඩා දැන සිටියද, තම මිතුරිය කිසි විටෙකත් එවැනි මිළදී ගැනීමක්…
ඔබ සහ මා වෙනුවෙන් දයාව
කෝවිඩ්-19 වසංගතයේ එක් ප්‍රතිවිපාකයක් වූයේ සංචාරකයින් නිරෝධායනය කිරීමයි. “වෝල් ස්ට්‍රීට්” සඟරාවේ ඇතැම් සංචාරකයන්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් ලිපියක් පළ විය. නිරෝධායනය වන කාලය තුළ එකිනෙකා අතර සංවාද සඳහා වැඩි අවස්ථාවන් ලැබුනු ආකාරය ගැන අදහස් දක්වමින්, එක් මගියෙක් කියා සිටියේ, හොඳ මතකයක් ඇති තම සහකාරිය - ඔහුගෙන් ඇයට මෙතෙක් සිදු වූ සෑම වරදක්ම එකින් එක මතක් කළ ආකාරය හා ඇය තවමත් කියා…
සමාව දෙන ප්‍රේමය
විවාහ වී අවුරුදු අසූවක් ! මගේ සැමියාගේ ලොකු මාමා වන පීට් සහ ලොකු නැන්දා වන රූත්, 2021 මැයි 31 දින මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරුවෝය. 1941 දී රූත් උසස් පෙළ පන්තියේ සිටියදී අහම්බෙන් වූ හමුවීමකින් පසු, තරුණ යුවළ විවාහ වීමට කෙතරම් ආශාවෙන් සිටියේද කියතොත්, රූත් උපාධිය ලබා ගත් දිනට පසු දින ඔවුන් දෙදෙනා රහසින් පැන ගියහ. දෙවියන්වහන්සේ ඔවුන්ව එකතු කළ බවත්,…
“දිලිසෙන” දේවල් සමඟ සටන් කිරීම
1960 යුගයේ රූපවාහිනී කතා මාලාවක් වන “ද ඇන්ඩි ග්‍රිෆිත් ෂෝ” හි, මිනිසෙකු ඇන්ඩිට පවසන්නේ ඇන්ඩි විසින් ඔහුගේ පුතාට ඔහු ජීවත් විය යුතු ආකාරය තීරණය කිරීමට ඉඩ දිය යුතු බවයි. ඇන්ඩි මෙයට එකඟ නොවීය: “තරුණයෙකුට තමා ගැන තීරණය කිරීමට ඔබ ඉඩ නොදිය යුතුයි. ඔහු දිලිසෙන රිබන් සහිත පළමු දීප්තිමත් දේ අල්ලා ගනු ඇත. පසුව, එහි කොක්කක් ඇති බව ඔහු දැනගත් විට,…
පාඩුවක් නොමැත
මගේ මිතුරෙකු වන රුවෙල්, පාසල් මිතුරෙකුගේ නිවසේ පැවති “පාසලේ උසස් පෙළ පන්තියේ මිතුරන්ගේ නැවත හමුවීමේ සාදයකට” සහභාගී විය. මැනිලා බොක්ක අසල පිහිටි, දෙසිය දෙනෙකුට සහභාගි විය හැකි ඉතා අලංකාර උත්සව ශාලාවකින් සමන්විත වූ මෙම නිවස හඳුන්වනු ලැබුවේ “ද වෝටර් ෆ්රන්ට් මැන්ෂන්” යනුවෙනි. මෙය රුවෙල්ගේ සිත තුළ “අඩු බවක්” ඇති කළේය.
“දුරස්ථ ග්‍රාමීය දේවස්ථානවල දේවසේවයේ යෙදී මම බොහෝ ප්‍රීතිමත් වසර ගණනාවක්…
අහිමිවීම, සොයා ගැනීම, ප්‍රීතිය
ඔවුන් මාව හඳුන්වන්නේ “රින්ග්මාස්ටර්” ලෙසයි. මේ වසරේ මේ දක්වා නැතිවූ මුදු 167ක් මා විසින් සොයාගෙන තිබේ.
මගේ බිරිඳ කේරී සමඟ වෙරළේ ඇවිදිමින් සිටියදී, මුහුදු වෙරළේ රැල්ලෙන් සෑදුනු ‘පෙන‘ රේඛාවට මදක් පහළින් පිහිටි ප්‍රදේශයක් සුපරික්‍ෂාකර බැලීමට ලෝහ පරීක්‍ෂණ උපකරණයක් භාවිතා කරමින් සිටි වැඩිහිටි මිනිසෙකු සමඟ අපි සංවාදයකට එළඹුනෙමු. “සමහර අවස්ථාවල මුදුවල නම් තිබේ, මම ඒවා ආපසු ලබා දෙන විට ඒවායේ අයිතිකරුවන්ගේ…
ළඟා වෙනවා
මෑත කාලීන පෝස්ට් එකක නොහොත් අන්තර්ජාලයේ / වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, බොනී ග්‍රේ නම් බ්ලොග්කරු (නොහොත් වෙබ් අඩවියකට ලියන තැනැත්තා) ඇගේ හදවතට අධික දුකක් ‘ඇතුළුවීමට‘ පටන් ගත් මොහොත සිහිපත් කළාය. “මගේ ජීවිතයේ ප්‍රීතිමත්ම පරිච්ඡේදයේදී, . . . මම හදිසියේම භීතිකා ප්‍රහාර සහ මානසික අවපීඩනය අත්විඳීමට පටන් ගතිමි”. ග්‍රේ ඇගේ වේදනාව විසඳීමට විවිධ ක්‍රම සෙවීමට උත්සාහ කළ නමුත්…