ප්‍රවර්ගය  |  Uncategorized

ඔබේ කුණාටුව අභිබවා යාම

එය 1968 අප්‍රේල් මස 3 වෙනිදා සවස වූ අතර ටෙනසිහි මෙමෆිස් හරහා දරුණු ගිගුරුම් සහිත වැස්සක් ඇද හැලෙමින් තිබුණී. වෙහෙසට සහ අසනීපයට පත් පූජ්‍ය ආචාර්්‍යය මාර්ටින් ලූතර් කිං (කණිෂ්ඨ) දේවස්ථාන ශාලාවක වැඩ වර්ජනයේ යෙදී සිටින සනීපාරක්‍ෂක සේවකයින්ට සහාය දැක්වීම සඳහා සැළසුම් කරන ලද කථාව කිරීමට අදහස් කළේ නැත. නමුත් හදිසි දූරකථන ඇමතුමකින් ඔහු පුදුමයට පත් වූයේ විශාල පිරිසක් ඔහුට සවන්…

අන්ධකාරය සහ ආලෝකය

මම උසාවියේ වාඩිවී සිටියදී අපේ ලෝකයේ බිඳවැටීම් පිළිබඳ උදාහරණ කිහිපයක් දුටුවෙමි. දියණියක් මවගෙන් භේද වී සිටීම, කලින් තිබූ ප්‍රේමය නැතිවී දැන් තිත්තකම පමණක් බෙදා ගන්නා අඹු සැමියන්; තම බිරිඳ සමග එකතු වී දරුවන් සමග නැවත එක්සත් වීමට ආශාවෙන් සිටින ස්වාමිපුරුෂයෙක්. ඔවුන් සියලු දෙනාට වෙනස් වූ හදවත්; තුවාල සඳහා සුවය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැවතීම අතීශයින් අවශ්‍ය වූනි.

සමහර විට අප අවට…

මරණයෙන් ජීවිතය

කාල් පිළිකාවට එරෙහිව සටන් කරමින් සිටි අතර ඔහුට ද්විත්ව පෙනහළු බද්ධ කිරීමක් අවශ්‍ය වුනි. ඔහු දෙවියන්වහන්සේගෙන් අලුත් පෙනහළු ඉල්ලා සිටියත් එය අමුතු දයෙක් ලෙස ඔහුට දැණුනි. ඒ දේ ගැන යාච්ඤා කිරීම අමුතු දෙයක් බවට ඔහු පාපොච්චාරණය කළේය. මන්දයත් “මට ජීවත් වීමට කෙනෙකු මිය යා යුතු වූ හෙයිනි”.

කාල්ගේ සැකය දේව වචනයේ මූලික සත්‍යයක් ඉස්මතු කර දක්වයි. ජීවිතය ලබා දීම සඳහා…

ඔබ දේශනා කරන දේ ක්‍රියාවට නංවන්න

මගේ බාලයා වූ සේවියර් බාලාංශයට ඇතුළු වූ විට මම මගේ පුත්‍රයන්ට බයිබලය කියවීමට පටන් ගත්තෙමි. මම ඉගැන්විය හැකි අවස්ථා තෝරා ගෙන අපගේ තත්ත්වයට අදාළ වන පද තෝරා ගෙන යාච්ඤා කිරීමට ඔවුන්ව දිරිගැන් වූයෙමි. සේවියර් ඉතා පහසුවෙන් දේව වචනය කටපාඩම් කර ගත්තේය. අපට ප්‍රඥාව අවශ්‍ය අසීරු තත්ත්වයන්ට අප පත්වූ විට දෙවියන්වහන්සේගේ සත්‍යයේ ආලෝකය බබළවන පද ඔහු කියන්නේය.

දිනක් මම කෝපයට පත්වී…

හාස්‍ය ජනක ආයෝජනයක්

1929 දී එක්සත් ජනපදයේ ආර්ථිකය බිඳ වැටුණු අතර මිලියන ගණන් ජනතාවකට සියල්ල අහිමි වුනි. නමුත් ෆ්ලොයිඞ් ඔඞ්ලම්ට එය බලපෑවේ නැත. අනෙක් සියල්ලන්ම භීතියට පත්වී තම කොටස් අඩු මිළට අළෙවි කරන විට ජාතියේ අනාගතය බිඳ වැටීමත් සමගම ඔඞ්ලම් අඥාන ලෙස ඉක්මණින් මෙම සමාගම් වල කොටස් අඩු මිළට ගත් බවක් පෙනෙන්ට තිබුණි. නමුත් ඔඞ්ලම්ගේ මෝඩ දර්ශනය සාර්ථක වී දශක ගණනාවකට ශක්තිමත් ආයෝජනයක්…

ස්වර්ගයේ සිට අපට සවන් දෙමින්

මාස දහඅටේදීත් කුඩා මයිසන් තම මවගේ හඬ අසා නොතිබුණි. පසුව වෛද්‍යවරු ඔහුට ප්‍රථම ශ්‍රවණාධාරය සවි කළ පසු ඔහුගේ මව ලොරීන් ඔහුගෙන් “ඔබට මාව ඇහෙනවාද?” කියා ඇසූ විට දරුවාගේ ඇස් ඉහළට එසවුනි. “හායි බබා” ලොරීන් තවදුරටත් පැවසීය. සිනාසෙන මයිසන් සිය මවට මෘදු හඬකින් ප්‍රතිචාර දැක්වීය. තමා හාස්කමක් දකින බව ලොරීන් කඳුළෙන් යුතුව දැන ගත්තාය. අහඹු ලෙස සිදුවූ නිවාස ආක්‍රමණයකදී තුවක්කු කරුවන්…

පලා යාම හෝ සාමය

“පලා යන්න” උණුසුම් නාන බේසමක් සවි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන එළිමහන් වෙළඳ දැන්වීම් පුවරුව හඬ නගයි. එය මගේ අවධානයට මෙන්ම සිතීමටද පොළඹවයි. මමත් මගේ බිරිඳත් කවදා හෝ උණුසුම් නාන බේසමක් ලබා ගැනීමට කථා කර ගත්තෙමු. එය අපේ ගෙවත්තේ නිවාඩුවක් ගත කරනවා මෙනි. පිරිසිදු කිරීම සහ විදුලි බිල ගැන කල්පනා කරද්දී හදිසියේම පලා යාමේ බලාපොරොත්තුවෙන් මට පලා යාම අවශ්‍ය බවට හඬක්…

සමාව ගැන දළ සටහනක් ඇඳීම

කුඩා රතු සෘජුකෝණාශ්‍රාකාර පෙට්ටිය අද්භූතය. කුඩා කාලයේදී මට එය සමග පැය ගණනක් සෙල්ලම් කළ හැකි වුනි. මම පෙට්ටියේ එක් බොත්තමක් හරවන විට එහි තිරය මත තිරස් රේඛාවක් සෑදිය හැකිය. අනෙක් බොත්තම හැරවූ විට සමාන්තර රේඛා, වෘත්තයක් සහ නිර්මාණාත්මක මෝස්තර සෑදිය හැකිය. නමුත් නියම මායාව මතු වූයේ මම මගේ “එට්ච් අ ස්කෙට්ච්” නම් වූ සෙල්ලම් බඩුව උඩු යටිකුරු කර එය ටිකක්…

සෝදනු ලැබුවහුය

මගේ මිත්‍ර බිල් ඔහු හඳුනන කෙනෙකු වන ජෙරාඞ්ව විස්තර කළේ “බොහෝ කලක් දෙවියන්වහන්සේගෙන් ඈත්ව සිටි අයෙකු” ලෙසටයි. නුමුත් දිනක් බිල් ජෙරාඞ්ව හමුවී දෙවියන්වහන්සේගේ ප්‍රේමය ගැළවීම සඳහා අපට මාර්ගය සැපයූවේ කෙසේදැයි තේරුම් කිරීමෙන් පසුව ජෙරාඞ් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයෙක් විය. කඳුළු මැදින් ඔහු තම පාපය ගැන පසුතැවිලි වී ක්‍රිස්තුස්වහන්සේට තම ජීවිතය කැප කළේය. පසුව ඔහුට හැඟෙන්නේ කෙසේදැයි බිල් ජෙරාඞ්ගෙන් විමසුවේය.…

සමීප වීම

කොරෝනා වෛරසය හේතුවෙන් මගේ ආරක්‍ෂිත තැන්පතු පෙට්ටියෙන් යමක් ලබා ගැනීමට පෙරට වඩා නිල වශයෙන් පිළිපැදිය යුතු නීති කිහිපයක් තිබුණි. දැන් මට වෙලාවක් වෙන් කර ගැනීමට සිදුවන අතර මම බැංකුවට ඇතුළු වීමට අවසර ලබා ගැනීමට දුරකථන ඇමතුමක් ලබා දී මගේ හැඳුනුම් පත සහ අත්සන පෙන්වා නම් කළ බැංකු නිලධාරියෙක් විසින් සුරක්‍ෂිතාගාරය වෙත කැඳවා ගෙන යන තෙක් සිටීමට සිදු වන්නේය. ඇතුළට ගිය…