සියළු සැනසිල්ලේ දෙවියන්වහන්සේ
සුවය නොලැබීමට තරම් අසනීප යැයි සිතමින් රඩමෙනෙස් නම්වූ පූස් පැටියාගේ හිමිකරු ඔහුව සත්ව නවාතැනකට භාර දුන්නේය. පූස් පැටවාට සාත්තු කිරීමෙන් පසු සුවවූ ඌව පශු වෛද්‍යවරයා හදා ගත්තේය. පසුව ඔහු නවාතැනේ පූර්ණ කාලීන පදිංචිකරුවෙකු බවට පත්වූ අතර දැන් ඔහුගේ දවස ගෙවෙන්නේ ශල්‍ය කර්මයකින් හෝ අසනීපයකින් සුවය ලැබීමට පැමිණෙන බළලුන් සහ බල්ලන්ගේ සැනසිලිදායකයෙකු ලෙසයි. එනම් ඔහුගේ උණසුම් අභිමුඛයෙන් සහ මෘදු ප්..ර්..ර් හඬිනි.…
රළු මිනිසුන්
ලුසී වෝර්ස්ලී බ්‍රිතාන්‍ය ඉතිහාසඥවරියක් සහ රූපවාහිණී ඉදිරිපත් කරන්නියක්ද වූවාය. මහජනතාවගේ අවධානයට ලක්වන බොහෝ මිනිසුන්ට මෙන් ඇයට සමහර විට අප්‍රසන්න ලිපි ලැබෙයි. ඇයගේ කාරණයේදී මෘදු ලෙස කථා කිරීමේ බාධාවක් නිසා ඇයගේ “ර” ශබ්දය “අ” ශබ්දය මෙන් ඇසේ. එක් අයෙක් ඇයට මෙසේ ලිවීය. “ලුසී, මම කෙළින්ම කියන්නම්. කරුණාකර ඔබේ කම්මැලි කථාව නිවැරදි කිරීමට හෝ ඔබේ අත් පිටපතෙන් “ර” ශබ්දය ඉවත් කිරීමට හෝ…
යේසුස්වහන්සේ ඔබට දුන් පොරොන්දු
ජේසන්ගේ දෙමාපියන් ඔහුව ඒමිට භාර දෙන විට ඔහු හඬා වැළපුණේය. ඒ මව සහ පියා දේව මෙහෙයට සහභාගී වෙද්දී අවුරුදු දෙකක් වයසැති ජේසන්ව ළමුන් සඳහා වෙන් කරන ලද ස්ථානයට භාර දුන් පළමු වතාව එය වීම නිසාය. ඔහු එයට සතුටු වුනේ නැත. ඔහු හොඳින් සිටීවි කියා ඒමි ඔවුන්ට පොරොන්දු වූවාය. ඇය සෙල්ලම් බඩු සහ පොත් වලින් ඔහුව සනසන්න උත්සාහ කළාය. ඔහුව පුටුවක…
බියෙන් නිරෝධායනය වීම
2020 දී කොරෝනා වෛරසය පැතිරී යාමෙන් ලෝකයම භීතියට පත් විය. මිනිසුන් නිරෝධායනය කරන ලදී. රටවල් වසා දැමුණි. ගුවන් ගමන් සහ විශාල සිදුවීම් අවලංගු කෙරුණි. වෛරසය පැතිර නොමැති ප්‍රදේශවල වෙසෙන අය පවා වෛරසය වැළඳෙනු ඇතැයි බිය විය. සාංකාව පිළිබඳ විශේෂඥයෙක් වන ග්‍රැහැම් ඩේවි විශ්වාස කරන්නේ සෘණාත්මක ප්‍රවෘත්ති විකාශනය “ඔබව දුකට හා කණස්සල්ලට පත් කිරීමට ඉඩ ඇති බවයි”. සමාජ මාධ්‍ය තුළින් එක්තරා…
රළු බිම් සහ මෘදු දයාව
ජේම්ස්ට වයස අවුරුදු හයේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ඩේවිඩ් අයිස් මත ලිස්සා යාමේ ක්‍රීඩාවේදී අනතුරකින් ඛේදජනක ලෙස මිය ගියේය. ඒ ඩේවිඩ්ගේ දහහතර වන උපන් දිනයට පෙර දිනයේය. ඊළඟ වසර වලදී තම මව වන මාග්‍රට්ව සැනසිමට ජේම්ස් උපරිම ලෙස උත්සාහ දැරූහ. ඇගේ ගැඹුරුම වේදනාව තුළ ඇය සැම විටම ඇයටම මතක් කර දුන්නේ තම වැඩිමහල් පුතාට තරුණ කාලයේ අභියෝගයන්ට මුහුණ දීමට සිදු…
කවුළු
හිමාලය කඳු පාමුළ අසල කවුළු නොමැති නිවාස පේළියක් එක් නරඹන්නෙක් දුටුවේය. ඔහුගේ මග පෙන්වන්නා පැහැදිළි කළේ නිදා සිටියදී යක්‍ෂයින් තම නිවසට රිංගා ගනීයයි බියවූ ගම් වැසියන් කවුළු නොමැති බිත්ති ඉදි කළ බවයි. ගෘහ හිමියෙකු යේසුස්වහන්සේ අනුගමනය කරන්න පටන් ගත්තේ කවදාදැයි ඔබට කිව හැකි වන්නේ ආලෝකය නිවසට ඇතුල්වීම පිණිස ඔහු කවුළුවක් ඉදි කිරීමේ හේතුවෙනි.
ඒ හා සමාන දෙයක් අප තුළ සිදුවිය…
දයාව ව්‍යාප්ත කරමින්
රුවන්ඩා ජන සංහාරයෙන් තම ස්වාමි පුරුෂයා සහ ඇගේ දරුවන් කිහිප දෙනෙකු ඝාතනය කළ මනස්සේට ඇය සමාව දුන් ආකාරය ගැන බීටා පැවසුවේ “මගේ සමාව දීම පදනම් වී ඇත්තේ යේසුස්වහන්සේ කළ දේ මතය. මුළු කාලය පුරාම කරන ලද සෑම දුෂ්ඨ ක්‍රියාවකම දඬුවම උන්වහන්සේ ලබා ගත් සේක. උන්වහන්සේගේ කුරුසිය අපට ජයග්‍රහණය සොයා ගත හැකි ස්ථානයයි - එකම ස්ථානයයි! ඔහුව පෙළන භයානක සිතුවිලි විස්තරාත්මකව…
ගමන් මළු ක්‍රියාකාරකම
කණිෂ්ඨ වසරවල උගන්වන ගුරුවරියක් වන කේරන් තම සිසුන්ට එකිනෙකාව වඩා හොඳින් තේරුම් ගත හැකි ආකාරය ඉගැන්වීමට ක්‍රියාකාරකමක් නිර්මාණය කළේය. මෙම “ගමන් මළු ක්‍රියාකාරකමේදී” සිසුන් විසින් ඔසවා ගෙන යන චිත්තවේගී බර කිහිපයක් ලියා තිබුණි. මෙම සටහන් නිර්ණාමිකව බෙදා දුන් අතර බොහෝ විට ඔවුන්ගේ සම වයසේ මිතුරන්ගෙන් කඳුළු සලන ප්‍රතිචාර ලැබුණි. එතැන් පටන් පංති කාමරය තුළ යෞවනයන් අතර ගැඹුරු අන්‍යෝන්‍ය ගෞරවයක් ඇති…
උදෑසන මෙන් ජිවත් වෙන්න
මට කාල කලාප හරහා ගුවන් මගින් ගමන් කිරීමට සිදුවූ විට දිගු ගුවන් ගමනක් නිසා ඇතිවන වෙහෙසකාරී බව වළක්වා ගැනීමට මම විවිධ ප්‍රතිකර්ම උත්සාහ කරමි. මම ඒ සියල්ල අත්හදා බලන්න ඇති කියා මම සිතමි. එක් අවස්ථාවකදී මගේ ගුවන් ගමන් ආහාර වේල මා ගමන් කරන කාල කලාපයට අනුව වෙනස් කරන්න මම තීරණය කළෙමි. සෙසු මගීන් සමග රාත්‍රී ආහාරය ගැනීම වෙනුවට මම චිත්‍රපටියක්…
ඇදහිල්ල වර්ධනය කිරීම
මගේ මුණුපුරා සහ මම වාහන නැවැත්වීමේ ස්ථානය හරහා අත්වැල් බැඳගෙන පාසැල් යාමේ විශේෂ ඇඳුමක් සොයන්නට ගියෙමු. දැන් පෙර පාසැල් සිසුවෙක් වන ඔහු සෑම දෙයක් ගැනම උද්යෝගයෙන් සිටි අතර ඔහුගේ සතුට ප්‍රීතියට හැරවීමට මම අධිෂ්ඨාන කර ගතිමි. ශිලා ලේඛණය සහිත කෝපි ජෝග්ගුවක් මම දුටුවෙමි. “ආච්චි අම්මලා බොහෝ ප්‍රීතියෙන් යුත් අම්මලාය”. එනම් විනෝදය, සතුටින් බැබළීම, ප්‍රීතිය ආදියයි. ඒක මගේ රැකියා විස්තරයයි. මේ…