ප්‍රවර්ගය  |  Uncategorized

සැමවිට ඇති අභිමුඛය

2018 ලෝක කුසලානය අතර තුර පෝලන්තයට එරෙහිව කොලොම්බියානු ඉදිරිපෙළ ක්‍රීඩක රදමෙල් ෆැල්කාඕ දහහත්වන විනාඩියේදී ගෝලයක් ලබාගත්තේය. ඒහෙයින් ඔවුන්ට ජය ලැබුණි. ඒ අනර්ඝ ගෝලය ජාත්‍යන්තර තරඟවලදී ඔහු ලබා ගත් තිස්වන ගෝලයයි. ජාත්‍යන්තර තරඟවලදී කොලොම්බියානු ජාතිකයෙක් ලබාගත් වැඩිම ගෝල සංඛ්‍යාවට ඔහු හිමිකම් කියන්නේය.

ෆැල්කාඕ තම ඇදහිල්ල ප්‍රකාශ කිරීමට පාපන්දු පිට්ටනිය භාවිතා කරයි. සෑම ගෝලයකට පසු ඔහු තම ජර්සිය ඔසවා යට ඇති කමිසයෙහි…

ප්‍රේමය තුළ බෙදී

වාදයට තුඩු දුන් නීතියක් සිංගප්පූරුවට පැමිණි විට ඇදහිලිවතුන් දෙපැත්තකට බෙදුණි. සමහරු අන් අයට පටු මතධාරීන්යයි පැවසුවෝය. නැතිනම් ඔවුන් තම ඇදහිල්ල බාල්දු කරනවා යැයි කීවෝය.

මතවාද නිසා දෙවියන්වහන්සේගේ පවුලේ අය අතර තියුණු බෙදීම් ඇති වේ. ජනතාව අතර සිත් රිදීම්ද අධෛර්යයට පත්වීම්ද ඇති වේ. බයිබලයේ ඉගැන්වීම් මාගේ ජීවිතයට මා අදාළ කර ගන්නා ක්‍රමයන් නිසා බොහෝ විට මා සුළු කිරීමට භාජනය වී තිබේ.…

ගොරවන මීයා

වසර කිහිපයකට පෙර මාගේ පුත්‍රයන් සමග මම උතුරු ඉඩාහෝ ප්‍රදේශයේ විනෝද ගමනක් සඳහා වනාන්තරයකට ගියෙමි. එය දුඹුරු වලසුන්ගේ නිජ බිමකි. අපි වලසුන් ඈත් කර තබන ආලේපනයන්ද රැගෙන ගියෙමු. අපගේ කඳවුර පිරිසිදුව තබා ගතිමු. එසේ වලසුන්ගේ ආක්‍රමණයන් බලාපොරොත්තු නොවූයෙමු.

එක් රාත්‍රීයකදී රැන්ඩි තම බූරු ඇඳින් බැසීමට දඟලනවා මට ඇසුණි. මම මාගේ විදුලි පහන සොයා ඒ දෙසට එය යොමු කළෙමි. මම සිතුවේ…

ජීවිතය අසීරු වූ විට

ශාරිරිකව, මානසිකව සහ භාවමය ලෙස හෙම්බත්වී මම හාන්සි පුටුවේ දිගෑදුණෙමි. අපගේ පවුලේ අය දෙවියන්වහන්සේගේ මග පෙන්වීම අනුගමණය කරමින් නිවස අතහැර කැලිෆෝනියාවේ සිට විස්කොන්සින් දක්වා පැමිණ තිබුණි. අපි පැමිණි පසු අපගේ මොටර් රිය කැඩුණු හෙයින් මාස දෙකක් වාහනයක් නැතිව සිටින්න සිදුවුනි. ඒ අතරතුර කොඳු ඇටවල ශල්‍යකර්මයකට භාජනය වූ මගේ සැමියාගේ ආබාධයද මාගේ ශරීරයේ වේදනනාවද නිසා බඩු අස්පස්කර ගැනීම සංකීර්ණ විය. එසේම…

අපගේ කූඩුවෙන් නිදහස්වී

ඇවිදීමට යන අතර තුර කර්තෘ මාර්ටින් ලෙයාර්ඩ්ට බොහෝ විට කුඩා බල්ලන් සතර දෙනෙකු සමග යන මිනිසෙකු මුණ ගැසේ. බල්ලන් තුන් දෙනෙකු තණකොළ පිට්ටනිය පුරා වියරුවෙන් මෙන් දිව යති. නමුත් එක් බල්ලෙක් අයිතිකරු අසලම රැඳී රවුමට රවුමට කැරකෙමින් සිටියේය. අවසානයේදී ලෙයාර්ඩ් නැවතී මෙම බල්ලාගේ අමුතු හැසිරිම ගැන අයිතිකරුගෙන් විමසීය. මෙම බල්ලා උගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් කූඩුවක සිරවී සිට ඇති අතර…

සුදු හිම වල ඇති හාස්කම

දහහත් වන ශතවර්ෂයේ සර් අයිසැක් නිව්ටෙන් විවිධ වර්ණ දැකීමට ආලෝකය උපකාර වන ක්‍රමය පෙන්වීමට ප්‍රිස්මයක් භාවිතා කළේය. යම් ද්‍රව්‍යයක් තුළින් ආලෝකය ගමන් කරන විට එම ද්‍රව්‍යයෙහි යම් විශේෂිත වර්ණයක් ඇති බව පෙන්වන්නේ යයි ඔහු සොයා ගත්තේය. එක් අයිස් කැටයක් අර්ධ විනිවිද බවක් පෙන්වුවද හිම සෑදී ඇත්තේ බොහෝ අයිස් කැට එකට එකතු වීම නිසාය. ආලෝකය ඒ සෑම කැටයක් තුළින්ම ගමන් කරන…

ළඟපාත අසල්වැසියන්

බොහෝ අය මෙන් අපගේ අසල්වාසීන් අවට සිටින අය සමග සම්බන්ධ වීමට වෙබ් අඩවියක් භාවිතා කරති. මාගේ නිවස අවට අය කඳුකර සිංහයන් සහ ලැව්ගිනි අනතුරු ඇඟවීම් ගැන එකිනෙකාට අවවාද දෙති. එසේම හදිසි අවස්ථාවලදී දරුවන් බලා ගැනීමට උපකාර කරති. එසේම නැතිවූ සුරතල් සතුන් සොයා ගැනීමටද එය උපකාර කර ගනිති. අන්තර් ජාලයේ බලය භාවිතා කර, අවට සිටින අය වත්මන් වේගවත් ලෝකයේ නැතිව යන…

එහි සියල්ලන් එකට

1994 මාස දෙකක කාලයක් තුළ රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රීක මිනිසුන් මිලියනයක් ඔවුන්ගේම රටේ හූටු මිනිසුන් විසින් මරා දැමූහ. මෙම සමූලඝාතණය ආරම්භයේම බිෂොප් ජෙෆ්රි රූබුස්සී විසින් ස්වාමි පුරුෂයා අහිමි වු ස්ත්‍රීන් වෙත ළඟා වීමට ක්‍රම තම භාර්්‍යයාව සමග කථා කර ගත්තේය. මේරිගේ පිළිතුර වූයේ “මට ඕනෑ අඬන්නයි” කියාය. ඇයගේ ඥාතීන්ද මිය ගොස් තිබුණි. බිෂොප්ගේ පිළිතුර ණැනවත් නායකයෙකුගේ සහ සැළකිලිමත් ස්වාමි පුරුෂයෙකුගේ මුවින්…

අපි ධූලි වන්නෙමු

තරුණ පියාගේ ඉවසීමේ සීමාව පනිමින් තිබුණි. “අයිස් ක්‍රීම්, අයිස් ක්‍රීම්” පොඩි දරුවා කෑ ගැසීය. සුපිරි වෙළඳ සැළ තුළ සිටි අයගේ අවධානය ඒ වෙතට යොමු විය. “හරී, අපි ඉස්සර වෙලා අම්මා ගැන බලන්න ඕනෑ” පියා කීවේය. “නැහැ...... අයිස් ක්‍රීම් ඕනෑ” කියා දරුවා කෑ ගැසීය. ඒ වෙලාවේදී කාන්තාවක් ඔවුන් අතරට පැමිණියාය. පෙනුමෙන් කුඩා හොඳින් ඇඳ පැළඳගත් අත්බෑගයට සරිලන සපත්තු දමා ගෙන සිටි…

ප්‍රශංසාව ඔසවන්න

සිතියමේ මධ්‍යයේ ඇති දේවලට අනුව සිතියමක් ඇඳ ඇති ස්ථානය කිව හැකිය. අපගේ නිවස ලෝකයේ මධ්‍යයේ යයි අපි සිතමු. ඒ හෙයින් අපි එහි තිතක් තබා එතැන් සිට අනිත් දේවල් ලකුණු කරමු. අසල ඇති නගර උතුරට සැතපුම් පනහක් විය හැකිය. නැත්නම් දකුණට දින භාගයක ගමනක් විය හැකිය. නමුත් සියල්ල විස්තර වන්නේ අප සිටින ස්ථානයට සම්බන්ධ වීය. ගීතාවලියේදී පරණ ගිවිසුමේ සිතියම ඇඳ ඇත්තේ…